සඳට බැළුම් හෙලූ අය
Jun 27, 2019
ඉවසලා ඉවසලා බැරිම තැන !
ඈත දුරා'තීතෙක හුරුපුරුදු බව හැගුණු
ඔය සුවඳ ඈතකට ගෙනයන්න
ස්වප්නයක බහා හරි සීරුවට ඔතා දුන්
ජීවිතය කොහේ හරි ගිල්වන්න
හිතුමතේ ඉහිරිච්ච මතක කඳුළක් දෙකක්
සුසුම් මංජුසාවට පුරවන්න
හදවතේ මැද මිදුණු වේදනා කැටිත්තට
බයිපාස් සැත්කමක් කරගන්න
තුඩින් තුඩ රස ගෑව අනුරාග කල්කයෙන්
නලල් පොට තව වරක් සරසන්න
සතුට ඔබ තියාගෙන මතක මල්ලක බහා
කොහේ හරි සීරුවට හංගන්න
පපු කුහර හිර වෙවී විරාගිනි ඇවිලෙද්දි
වේදනා ලේපයක් ගල්වන්න
හෙටක් නැති ප්‍රේමයේ අරුත් සුන් මුදුන් මුල
තියුණු සැතකින් කපා සිඳලන්න
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...

හරි ලස්සනයි. "ඈත දුරා'තීතෙක" කියන එක "දුරා'තීතෙක ඈත" කියල වෙනස් උනානම් තවත් හොඳට rhyme වෙනවා වගේ.
ReplyDeleteස්තූතී පූ... මේ අගය කිරීම් වටිනවා
Deleteදෙපාරක් කියෙව්වා....දෙපාරක්...මේ ආයේ කියවන්න යන ගමන්...
ReplyDeleteම්ම්ම් එහෙමද.... ස්තූතී ස්තූති ඉතින්
Deleteගැබ්ගත් සෙනෙහසක ප්‍රසූතිය....!
ReplyDeleteඅන්න මරු ටොපික් එක
Delete"හා"
ReplyDeleteගෙනයන්න
ගිල්වන්න
පුරවන්න
කරගන්න
සරසන්න
හංගන්න
ගල්වන්න
සිඳලන්න
"ඉවසලා ඉවසලා බැරිම තැන ඉවසන්න"
හා
Deleteඔයා කියනවනම්
හා