සඳට බැළුම් හෙලූ අය
Jun 27, 2019
ඉවසලා ඉවසලා බැරිම තැන !
ඈත දුරා'තීතෙක හුරුපුරුදු බව හැගුණු
ඔය සුවඳ ඈතකට ගෙනයන්න
ස්වප්නයක බහා හරි සීරුවට ඔතා දුන්
ජීවිතය කොහේ හරි ගිල්වන්න
හිතුමතේ ඉහිරිච්ච මතක කඳුළක් දෙකක්
සුසුම් මංජුසාවට පුරවන්න
හදවතේ මැද මිදුණු වේදනා කැටිත්තට
බයිපාස් සැත්කමක් කරගන්න
තුඩින් තුඩ රස ගෑව අනුරාග කල්කයෙන්
නලල් පොට තව වරක් සරසන්න
සතුට ඔබ තියාගෙන මතක මල්ලක බහා
කොහේ හරි සීරුවට හංගන්න
පපු කුහර හිර වෙවී විරාගිනි ඇවිලෙද්දි
වේදනා ලේපයක් ගල්වන්න
හෙටක් නැති ප්‍රේමයේ අරුත් සුන් මුදුන් මුල
තියුණු සැතකින් කපා සිඳලන්න
Subscribe to:
Post Comments (Atom)
අහන්නකො.....
මං ආසයි කවදම හරි දවසක ඔව්..කව....අ අ අ අ අ ....දම හරි දවසක ඔයා ළඟින් වාඩිවෙලා හරි හරියට ඔයත් එක්ක වැටෙනකංම බොන්න (මේකි යකෝ...පිස්සු උඹට.....

-
කාලෙකට පස්සේ අද වැඩ නැතුව නිදහසේ ඉන්න දවසක්.ඕං ඉතින් ඒ නිදහසෙන් ප්‍රයෝජන අරන් අලුතෙන් කයියක් කතාවක් ලියන්න උත්සහයක් දරන්න ඕනේයි කියලා හිතලා ...
-
ජීවිතේට අත්‍යාවශ්‍යයම නෑ කියල හිතෙන ඔයාව දවසේ අනවශ්යයම මොහොතෙදිත් හිතට එන කරුමෙ හැබෑටම කියනවකො වදේ ඔහේ මොකද්ද මට කවපු ඉනාව තාමත් මං ඇලෙන්නෙ...
-
බීර සුවඳැති හාදු....නම දුටු සැනින් දැනුන අපූර්වත්වය නිසාම මිලදී ගත් පොතක් අවසානයේදී කැමතිම පොතක් වෙලා සදාකාලිකවම මතකයේ රැඳෙන පොතක් වීම ම කො...
හරි ලස්සනයි. "ඈත දුරා'තීතෙක" කියන එක "දුරා'තීතෙක ඈත" කියල වෙනස් උනානම් තවත් හොඳට rhyme වෙනවා වගේ.
ReplyDeleteස්තූතී පූ... මේ අගය කිරීම් වටිනවා
Deleteදෙපාරක් කියෙව්වා....දෙපාරක්...මේ ආයේ කියවන්න යන ගමන්...
ReplyDeleteම්ම්ම් එහෙමද.... ස්තූතී ස්තූති ඉතින්
Deleteගැබ්ගත් සෙනෙහසක ප්‍රසූතිය....!
ReplyDeleteඅන්න මරු ටොපික් එක
Delete"හා"
ReplyDeleteගෙනයන්න
ගිල්වන්න
පුරවන්න
කරගන්න
සරසන්න
හංගන්න
ගල්වන්න
සිඳලන්න
"ඉවසලා ඉවසලා බැරිම තැන ඉවසන්න"
හා
Deleteඔයා කියනවනම්
හා