සඳට බැළුම් හෙලූ අය
Oct 1, 2019
My Love !
ඈත දුරා'තීතෙක
අහම්බකාරක හමුවීමක
ඔබ ඉපදෙන්න ඇත්තේම
මේ මා වෙනුවෙන්ම
ලෝකයට විවර නොවූ කවි හිත
තවමින් පිරිත් පැන් ඉස ඉස
ඔබ දරාගත්ත හැටි
ආඩම්බරකාර සිතුවිලි කවි රළ
පාට හේදුනු සමනළ තටුවක
රිදුණු තැන් පිරිමැද මැද
ඔබයි පිරියම් කලේ
ආදරේ රෝස පැහැ කැටයම
ජීවිතේ තිත්ත පැණි රස කර
කලතා පොවා තුඩ තුඩ
පරිස්සම් කල හැටි ඔබ
දෑහේ මූණේ හොවාගෙන මම
ඉතින් කප්පරක් පෙම් කරමි
මතුද , මතු මතුද ඔබම පතමි
ලියවෙන නොලියවෙන
බොහෝ කවි අතර
ඉදහිටක හිර කරන
නුඹ තමයි
ජීවිතේ සදාදර නිබ්බුත පදය...
( අවුරුදුම හතක් උනා නොවැ ඒ බලල මේ බලද්දි )
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...

අනේ මංද.....
ReplyDeleteමොනාද අප්පා අවුරුදු හතට සුබ නොපතා අනේ මන්දා කියන්නේ
Deleteසොදුරු සදවතිය කමන්න...
Deleteමා සිතුවේ මේ කව ලියා බිනර හද හතක් ඉකුත් වු බවය...
දිගාසිරි පතමිය ඔබටද ඔබේ වියුණුවටද....හදවතේ ගැඹුරේ නිධන් කල සිතුවිලි අකුරු කරනු දුටු වියුනු කිවිදිය ඔබය!!!
හෑ අම්මෝ.... වියුනු කිවිඳිය...බයෙත් බෑ
Deleteඅන්න එහෙම එන්න...
ReplyDeleteවැලි කඩදාසියෙන් මැද
කැට්ලෝයි තට්ටුවකුත් දමා
ඔබයි කළේ ආලේප
මෙටලික් පේන්ට්
ස්තූති ඔබ මගේ බ්ලොග් එකේට අලුතින් එකතුවුන කෙනෙක් නේද..ඒ නිසාමද මන්දා මට මේ කමෙන්ට්ස් යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ තේරෙන්නේ
Deleteසුබ හතක් වේවා !
ReplyDeleteගොඩක් ස්තූතියි
Deleteසුභ පැතුම්!
ReplyDeleteස්තූතී පූ ඔයාට
Delete