සඳට බැළුම් හෙලූ අය

Oct 1, 2019

My Love !





ඈත දුරා'තීතෙක
අහම්බකාරක හමුවීමක
ඔබ ඉපදෙන්න ඇත්තේම
මේ මා වෙනුවෙන්ම

ලෝකයට විවර නොවූ කවි හිත
තවමින් පිරිත් පැන් ඉස ඉස
ඔබ දරාගත්ත හැටි
ආඩම්බරකාර සිතුවිලි කවි රළ

පාට හේදුනු සමනළ තටුවක
රිදුණු තැන් පිරිමැද මැද
ඔබයි පිරියම් කලේ
ආදරේ රෝස පැහැ කැටයම

ජීවිතේ තිත්ත පැණි රස කර
කලතා පොවා තුඩ තුඩ
පරිස්සම් කල හැටි ඔබ
දෑහේ මූණේ හොවාගෙන මම

ඉතින් කප්පරක් පෙම් කරමි
මතුද , මතු මතුද ඔබම පතමි

ලියවෙන නොලියවෙන
බොහෝ කවි අතර
ඉදහිටක හිර කරන
නුඹ තමයි
ජීවිතේ සදාදර නිබ්බුත පදය...



( අවුරුදුම හතක් උනා නොවැ ඒ බලල මේ බලද්දි )

10 comments:

  1. Replies
    1. මොනාද අප්පා අවුරුදු හතට සුබ නොපතා අනේ මන්දා කියන්නේ

      Delete
    2. සොදුරු සදවතිය කමන්න...
      මා සිතුවේ මේ කව ලියා බිනර හද හතක් ඉකුත් වු බවය...
      දිගාසිරි පතමිය ඔබටද ඔබේ වියුණුවටද....හදවතේ ගැඹුරේ නිධන් කල සිතුවිලි අකුරු කරනු දුටු වියුනු කිවිදිය ඔබය!!!

      Delete
    3. හෑ අම්මෝ.... වියුනු කිවිඳිය...බයෙත් බෑ

      Delete
  2. අන්න එහෙම එන්න...

    වැලි කඩදාසියෙන් මැද
    කැට්ලෝයි තට්ටුවකුත් දමා
    ඔබයි කළේ ආලේප
    මෙටලික් පේන්ට්

    ReplyDelete
    Replies
    1. ස්තූති ඔබ මගේ බ්ලොග් එකේට අලුතින් එකතුවුන කෙනෙක් නේද..ඒ නිසාමද මන්දා මට මේ කමෙන්ට්ස් යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ තේරෙන්නේ

      Delete
  3. සුබ හතක් වේවා !

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...