සඳට බැළුම් හෙලූ අය
Feb 16, 2020
මැට්ටො !
ඔයා නපුරු වෙද්දි
මට දුක හිතෙනව!
ඔයා තරහ වෙද්දි
මට යාලු වෙන්න හිතෙනව!
ඔයා වචනයක් හරි කතා නොකල දාට
මට පාළු දැනෙනව!
එත්.....
ඔයා මට ආදරෙයි කියල දැනෙද්දි
මට මැරෙන්න හිතෙනව!
මේක මේ බොහෝම කාලෙකට කලින් ලියාපු එකක්.සමහර විට කලින් බ්ලොග් එකට දාලත් ඇති.ඒත් මේ ළඟදි අකීකරු සිතුවිලි පේජ් එකට මේක අරන් තිබුන හරියනම මාතෘකාව දාලා.ඉතින් ඔන්න ඕක නිසාම මේක ආයෙමත් දාන්න හිතුන ඒ මාතෘකාවෙන්ම.
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...

එහෙම ඇත්තටම තමන්ව අවශ්‍ය වෙන, නැති පාළුව දැනෙන කෙනෙක් ලැබෙනවා නම් ඒක වාසනාව ඉතිං.. ඒත් අනික් හැමදේම වගේ ආදරයත් ගණුදෙනුවක් වෙලා තියන අද කාලේ ඒවා ඉතිං හීන ම තමයි..
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්ම් ඒක ඇත්ත
Deleteලස්සනයි.හැමදාමත් වගේ
ReplyDeleteස්තූතියි ඔබට
Deleteමට කතා කරාද??? මගෙ නම කියනවා ඇහුනා....
ReplyDeleteආ මැට්ටො කොහොමද..හේ හේ
Deleteඅපේ රාජ්‍ය සම්මාන ලාභී කවි කාරිය අකීකරු හදවතකට වගේ ලියලා තියෙන්නේ .
ReplyDeleteඋඩ ඉදන් පහලට කියවද්දී ලස්සනට චිත්ත රුප මැවුනා .
පට්ට .
කොයි හදවත් අකීකරුයි නේන්නම් ස්තූතියි ඉතින්
Deleteගොඩක් වෙලාවට කවි ලියන්නේ පාළුව තනිකම විරහව වගේ දේවල් ගැන නේද. ඔබගේ අත්දැකීම්ද නැත්නම් ඒ කවි බලන අයගේ හදවතට ගොඩක් සමීප වෙන නිසාද?
ReplyDeleteඔය කොයිකත් වෙන්න පුලුවන්.මම අහන දකින විඳින විඳවන එතනින් එහාට ගියහම ඒ කිසිම දෙයක් නැතුවත් හිතට එන දේවල් තියෙනව.ඒක විරහවද ප්‍රේමයද අරකද මේකද කියල හිත හිත ඉන්නෙනම් නෑ.මම හිතනවා යම්තාක් දුරකටවත් මට පරිකල්පන හැකියාව තියෙනවා කියල.එතනදි ඉතින් මට සීමාවක් නෑ.ස්තූතියි මෙහෙ ආවට මේ කමෙන්ට් එකට කලින් මම ඒ පැත්තේ ගිහින් ආවේ.බ්ලොග් ලිවීමට අලුත් උනත් බ්ලොග් කියවීමෙන් ඔබ පරණ කෙනෙක්.සුබ පැතුම් දිගටම ලිවීමට
Delete