සඳට බැළුම් හෙලූ අය

Feb 16, 2020

මැට්ටො !


ඔයා නපුරු වෙද්දි
මට දුක හිතෙනව!
ඔයා තරහ වෙද්දි
මට යාලු වෙන්න හිතෙනව!
ඔයා වචනයක් හරි කතා නොකල දාට
මට පාළු දැනෙනව!

එත්.....
ඔයා මට ආදරෙයි කියල දැනෙද්දි
මට මැරෙන්න හිතෙනව!


මේක මේ බොහෝම කාලෙකට කලින් ලියාපු එකක්.සමහර විට කලින් බ්ලොග් එකට දාලත් ඇති.ඒත් මේ ළඟදි අකීකරු සිතුවිලි පේජ් එකට මේක අරන් තිබුන හරියනම මාතෘකාව දාලා.ඉතින් ඔන්න ඕක නිසාම මේක ආයෙමත් දාන්න හිතුන ඒ මාතෘකාවෙන්ම.

10 comments:

  1. එහෙම ඇත්තටම තමන්ව අවශ්‍ය වෙන, නැති පාළුව දැනෙන කෙනෙක් ලැබෙනවා නම් ඒක වාසනාව ඉතිං.. ඒත් අනික් හැමදේම වගේ ආදරයත් ගණුදෙනුවක් වෙලා තියන අද කාලේ ඒවා ඉතිං හීන ම තමයි..

    ReplyDelete
  2. මට කතා කරාද??? මගෙ නම කියනවා ඇහුනා....

    ReplyDelete
  3. අපේ රාජ්‍ය සම්මාන ලාභී කවි කාරිය අකීකරු හදවතකට වගේ ලියලා තියෙන්නේ .

    උඩ ඉදන් පහලට කියවද්දී ලස්සනට චිත්ත රුප මැවුනා .

    පට්ට .

    ReplyDelete
    Replies
    1. කොයි හදවත් අකීකරුයි නේන්නම් ස්තූතියි ඉතින්

      Delete
  4. ගොඩක් වෙලාවට කවි ලියන්නේ පාළුව තනිකම විරහව වගේ දේවල් ගැන නේද. ඔබගේ අත්දැකීම්ද නැත්නම් ඒ කවි බලන අයගේ හදවතට ගොඩක් සමීප වෙන නිසාද?

    ReplyDelete
    Replies
    1. ඔය කොයිකත් වෙන්න පුලුවන්.මම අහන දකින විඳින විඳවන එතනින් එහාට ගියහම ඒ කිසිම දෙයක් නැතුවත් හිතට එන දේවල් තියෙනව.ඒක විරහවද ප්‍රේමයද අරකද මේකද කියල හිත හිත ඉන්නෙනම් නෑ.මම හිතනවා යම්තාක් දුරකටවත් මට පරිකල්පන හැකියාව තියෙනවා කියල.එතනදි ඉතින් මට සීමාවක් නෑ.ස්තූතියි මෙහෙ ආවට මේ කමෙන්ට් එකට කලින් මම ඒ පැත්තේ ගිහින් ආවේ.බ්ලොග් ලිවීමට අලුත් උනත් බ්ලොග් කියවීමෙන් ඔබ පරණ කෙනෙක්.සුබ පැතුම් දිගටම ලිවීමට

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...