සඳට බැළුම් හෙලූ අය
Oct 25, 2021
අහිතකර හාද්ද !
ජීවිතේට අත්‍යාවශ්‍යයම නෑ කියල
හිතෙන ඔයාව
දවසේ අනවශ්යයම මොහොතෙදිත්
හිතට එන කරුමෙ
හැබෑටම
කියනවකො වදේ
ඔහේ මොකද්ද මට කවපු ඉනාව
තාමත් මං ඇලෙන්නෙම
ඔය ඇස් වල හිනාවට
ඒ වුනාට,
ඩන්හිල් දුම ඒ තරම් රස බව
ඇත්තමයි මං දැනන් හිටියෙ නෑ
ඔයා මගෙ දෙතොල් පෙති
ඉඹින තුරාවට
ඔයා දන්නව නේද ?
මං ඉන්නෙ දුම් නොබොන කලාපෙක
අන්න ඒ නිසයි
මට අමතක නොවෙන්නෙම
ඒ නිකොටින් සුවඳ හාද්ද
මට තාම මතකයි
ඒ ගොම කොළ පාට
බාච්චු කමීසය
තැන තැන විසිරිල තිබුනෙ
කහ පාටින් මල් රටාවට
නවත්තපු තැනින්
ආයෙමත් පටන් ගන්න
කවදාවත්ම බැරි උනාට
ඔයා විඳවන්නම ඕනෙ මං වගේම
ගලන්නම ඕන තැනකදි
හිරවුනාම
දැනෙන වේදනාව !!
Subscribe to:
Post Comments (Atom)
පෙම් පිය සටහන් 2
ඒ යෞවනේ එලිපත්ත..ඔව් හිරිමල් හැඟුම් පෙති දෙපෙති විදා පිපෙන්න ගත්ත විතරයි.සුදු ගවුමට මුවා වෙච්ච පුංචි හිතේ ඔයා කලේ සුලු පටු පෙරළියක් නෙව...

-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
ආදරේට වයසක් නෑ... ආදරේට ඇස් නෑ...ආදරේට වෙලාවක් කලාවක් නෑ... කොටින්ම ආදරේට ජාතියක් ජන්මයක් නෑ...එහෙම හිතන අය මේක කියවන්න. එහෙම නොහිතන අ...
සුන්දර නිර්මානයක්! හැමදාම වගේම . . . .
ReplyDeleteස්තූතියි ...
Deleteඅහිතකර හාද්ද!
ReplyDeleteඑන්ඩ එපා ඕවට
හහ්, අහිතකර හාද්ද!
ජයවේවා!
Myself Hattor
නැතුව ඉතින් හාදු උනත් ශරීරයට අහිතකර වෙන්න පුලුවන් නොවැ
Deleteසුන්දර නිර්මාණයක් ! හැමදාම වගේම...
ReplyDeleteඅලුතින් වචනයක් ලියන්න බැරිතරමට බිසිද අප්පා...කොපි පේස්ට් කරන්නේ...
Deleteපුරුදුවෙනවනේ...ඒකයි....!!!
Deleteඅහිතකර වෙන්න පුළුවන්, මේ කොරෝනා වසංගතය නිසා
ReplyDeleteඒකනේ...ඒකනේ..
Deleteහරිම හැඩයි.
ReplyDeleteඔබේ පල නොකළ කවි/ගී https://londonkavi.com/contact/ වලටත් , ලේඛකයිනි, ඔබේ ගේය පද නිර්මාණ සඳහා මේ වෙබ් අඩවිය විවෘතයි!
මේ ගේය පද සංචිතයට එකතු කිරීම සඳහා ඔබේ කාව්‍ය නිර්මාණ අප වෙත එවන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.
මේ ව්‍යාපෘතිය පිළිබඳව වැඩි විස්තර සඳහා:
https://geeliyamu.blogspot.com/2020/10/blog-post.html
වෙත යවන්න .
ස්තූතියි අයියා ...ඒ දැනුවත් කිරීමට
Deleteඅපූරුයි... ඒක වෙනස්ම ටච් එකක් තියෙන කවියක් කියල හිතෙනව. ❤️❤️❤️❤️❤️
ReplyDeleteස්තූතියි ඔයාට
Deleteකෙලෙස කියනුද
ReplyDeleteහාදු අහිතකර
නිසැකවම අපි සියල් දන
හාදු නොපතන්නෝ නොවෙත්...
එනමුදු
මා මෙන් ඔහුද
විඳවිය යුතු යැයි කියනු කිමැ ඔබ
ආදරය නම්
මා විදවුවද
ඔහුට සැමදින සතුට පැතුමනෙ
මේ ඔබෙ සැප මගෙ සතුටයි කියන ජාතියේ කයියක් නෙවෙයි අනේ.හැමදම එව්වා බෑ 🤗 මේ මට දුකනම් බොටත් ඒ දුකම දැනියයුතුයි කයියක්.
Deleteඕ හරි හරි. එහෙම වෙන්නත් ඕනි තමයි😊😁
Deleteඒකනේ ඒකනේ
Deleteමේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "අංක 8 කැටපත් පවුර" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!
ReplyDeleteස්තූතියි
Deleteසුන්දර පද පෙළක්. "හිතට එන කරුමෙ" - එකනම් මාරම සුන්දර කරුමයක්...
ReplyDeleteඒකනේ ...ස්තූතියි
Delete