සඳට බැළුම් හෙලූ අය

Dec 3, 2021

ඔන්න ඔහොමයි උනේ සහ වෙන්නේ !!

කාලෙකට පස්සේ අද වැඩ නැතුව නිදහසේ ඉන්න දවසක්.ඕං ඉතින් ඒ නිදහසෙන් ප්‍රයෝජන අරන් අලුතෙන් කයියක් කතාවක් ලියන්න උත්සහයක් දරන්න ඕනේයි කියලා හිතලා හරි බැරි ගැහුනා.ම්හ්හ් මොන එව්වා බෑ වගේ.ඔන්න ඊට පස්සේ මට හිතුනා අර නිදහස් සිතුවිලි ලියන රවී තුමා වගේ පහෙන් පහට බැරි උනත් පහුගිය අවුරුදු පහකවත් මං කල කී දේවල් සිහිපත් කොරාන්ඩ.

2018 අවුරුද්ද කියන්නේ මං හිතන විදියට  බොහෝම සැහැල්ලුවෙන් සාමකාමීව ගෙවුන අපේ ජීවිතේට අපල උපද්‍රව පටන් ගත්ත අවධිය.ඒ අවුරුද්දේ මැද හරියේ අපියි අපේ තව මිතුරු පවුල් දෙකකුයි මැලේසියාවට යන්න ට්‍රිප් එකක් දාගෙන හිටියා ෆ්ලයි කරන්න තියෙන දවසට කලින් දවසේ හැන්දෑවේ පුතණ්ඩිය ගෙදර තිබුන ඔක්සිජන් සිල්න්ඩර් එක කකුලට දාගෙන ඇගිලි දෙකක් ක්‍රැක් වුනා.එතකොට එයාට අවුරුදු හතරයි. ගල් ප්ලාස්ටර් එක දාලා කකුල හොලවන්නේ නැතුව තියාගන්න කිව්ව.අන්‍තිම මොහොතේ ගමන කැන්සල් කරන්න විදියකුත් නෑ සල්ලි රිෆන්ඩ් කරන්නෙත් නෑ.පැත්තකට දාලා තිබුන ප්‍රෑම් එක සුද්ද කරල කොල්ලව ප්‍රෑම් එකේ තියාගෙන තමා මැලේසියාවට ගියේ. ඊ ළඟට එහෙන් එන දවසේ එයාර් පෝට් එන්න පැය කීපෙකට කලින් අපි හිටපු හොටෙල් එක ඉස්සරහදි බයික් එකකින් ආපු එකෙක් පාර හරස් කරලා  හස්බන්ගේ චේන් එක කඩං ගියා. අම්මෝ දැනුන සනීපේ විනාඩියක් දෙකක් යනකං උනේ මොකක්ද කියල හිතාගන්න බැරිඋනා. නාදුනන රටක එහෙම දෙයක් වෙලාම බලන්න ඕනේ දැනෙන අසරණ කම.Cctv  බලල පොලිසි යන්න කියල හොටෙල් එකෙන් කිව්වත් ඒ කිසිම දෙයක් කරන්න අපිට වෙලාව නෑ.ඒ නිසා ඒක අත ඇරල දැම්ම.ගෙවල් දෙකේ අය අපි දෙන්නට පුලුවන් තරං දෙස් දෙවොල් තිබ්බා පුතාට වෙච්ච දේ නිසා එයාලා කොහොමත් ගමන අපලයි කිය කිය හිත් නොහොදින් හිටියේ යනවට.ඒ වෙලාවේ අපි හිනා උනාට අන්තිමට අපිටත් ඒක එහෙමයි කියල හිතන්න සිද්ධ උනා.ඔන්න ගෙදර ඇවිත් සති දෙකක් යද්දි අපලෙ උච්චම අවස්ථාව උදා උනා.අවුරුදු 13 ක් වගේ කාලයක් එක දිගට කරපු හබී තුමාගේ ජොබ් එක සතියක වගේ කෙටි දැනුම් දීමකින් අහිමි වුනා.

අතේ තිබුන ලක්ශ පහක් විතර වැඩකට නැති ට්‍රිප් එකකට නැති නාස්ති කරගෙන ඇවිත් සති දෙකක් යනකොට එච්චර කාලයක් අපි සෑහීමකට පත්වෙන වැටුපක් ලැබුන රස්සාවත් හබක්.අන්න එහෙමයි අපල ඩබල් වෙලා එන්නෙ.ඊ ළඟට අපිට තිබුන ලොකුම අභියෝගේ මොනවද කරන්නේ කියන එක.හබී තව දුරටත් පඩියකට රස්සාවකට යන්න කැමති උනේ නෑ.අපේම දෙයක් කරන්න තමයි උවමනාව තිබුනේ.ගොඩාක් දේවල් හිතලා හොයලා බලලා අන්තිමට කෑම ව්‍යාපාරයට තමා අත ගැහුවේ.2018 ඔක්තෝබර් වෙනකොට ඒ වෙනකොට අතේ තිබුන සන්තකේම යට කරලා පුංචි රෙස්ටුරන්ට් එකක් පටන් ගත්තා. ඒ වෙනකං බොහොම සැහැල්ලුවෙන් කයියක් කතාවක් ලියාගෙන පොත් කන්දක් විතර අවුරුද්දට කියෝගෙන හිතෙන හිතෙන දැන් ඇවිද ඇවිද හිටපු මට ජීවන බර, සල්ලි වල අගේ, මහන්සිය,දුක එහෙම දැනෙන්න ගත්තා.හැබැයි ඉතින් ඒකත් ජීවිතේට අලුත් වෙනසක් අලුත් පන්නරයක් උනා.අපි මහන්සි වෙලා වැඩ කලා බිස්නසුත් හොදට තිබුනා.2019 අප්‍රේල් බෝම්බ කේස් එකෙන් පස්සෙ ඔන්න ආයෙත් අපලෙ උදා වුනා ඇඳිරිනීතිය නිසා දවසක් දෙකක් රෙස්ටුරන්ට් එක වහන්න උනා.හදිසියේ දවසක් දෙකක් එහෙම වහන එකේ පාඩුව අතිවිශාලයි.ඊළඟට ටික දවසක් යනකං ලොකු සේල් එකක් තිබුනෙත් නෑ හවස හත විතර වෙනකොට පාරවල් පාලුයි. මිනිස්සු කඩවල් වලින් කන්නෙ නෑ වැඩ ඉවර කරලා ඉක්මනට ගෙවල් වලට යනවා.අපි රෑ දොළහ විතර වෙනකං උයා ගත්ත ඒවා තියාගෙන බලං ඉදලා අන්තිමට විසි කරලා ගෙදර යනවා.ඉතින් ඊට පස්සේ කඩකුලී,සේවක වැටුප් ,බිල් ගෙවීම එන්න එන්නම ප්‍රශ්න උනා.වියදමේ තරමට ආදායම නෑ.ඕපන් කරලා අවුරුද්ද  ලබන්නත් කලින් අන්තිමට අපි ඒක වහල දැම්මා.

ඊළඟට හබීතුමා එයාගේ මල්ලී කරගෙන ගිය ෆෝන් සහ කමියුනිකේශන් ව්‍යාපාරයට සම්භන්ධ උනා.ඒ අතරේ මගේ කෑම කාලා රස වැටිලා හිටිය කට්ටිය අනේ අපිට ගෙදර හරි උයලා දෙන්නකෝ කිව්ව.ඊට පස්සේ ඉතින් ඔය දන්න කියන යාලු මිත්‍රාදීන්ගෙ පුංචි පුංචි කෑම ඕඩර්ස් ගෙදරම කරල දෙන්න පටන් ගත්තා.

ඔන්න ඊලඟට 2020 උදාවුනේ කොරෝනා කියන මාර භීතියත් එක්ක.මාර්තු වල හිටිහැටියේ රට වහද්දී  අතේ තිබුනෙ බොහොම සුළු මුදලකුයි ෆෝන් ශොප් වලින් ඉස්සරහට දින දාලා දීපු ලක්ශ පහක විතර චෙක්ස් ටිකකුයි විතරයි.කඩවල් වල පෝලිමේ ඉදල කන්න බොන්න එකතු කරගෙන අලුත් වචන සෙට් එකකුත් එක්ක ගෙදරට කූඩු වෙච්ච ඒ කාලෙත් වෙනස්ම අත්දැකීමක්.
 
එදා ඉදන්,
අවුරුදුද්දකුත් මාස දහයක්  විතර තිස්සේ  වෛරසයක් එක්ක ඔට්ටු වෙවී අපි හැමෝම මේ වෙනකොට ගෙවන්නෙ හරිම ඒකකාරී අප්‍රසන්න ජීවිතයක්.කොයි වෙලේ ආසාදිතයෙක් වෙයිද කොයි වෙලේ මැරෙන්න වෙයිද කියල නොදැන ආතතියෙන් ඉන්න කාලයක්.ඇදිරිනීති,ලොක්ඩවුන් ,හුදකලා කිරීම් ගනණාවක් පසුකරමින් පුංචි එවුන්ගෙ ඉදන් මහ මිනිස්සු වෙනකං හැමෝම ගෙවල් ඇතුලෙම හිරකාරයෝ වෙලා ගෙවුන සහ තාමත් ගෙවෙන කාලයක්.පුලුවන් හැම වෙලාවෙම රටේ තොටේ සංචාරය කරපු මටනම් දැන් මේ  ඉදිල්ල තිත්ත වෙලා බාගෙට පිස්සු හැදිලා ඉන්නෙ.එකම සිංදුව දවසට දහපාරක් විතර අහලත් එකම පොත පස් හය පාරක් විතර කියවලත් සීසන් දෙකක්ම වම්බටු බණ්ඩක්කා පැල කරලා ඒවා එපා වෙනකං කාලා කාලා ගසුත් මැරිලා ගිහිල්ලත් තාම කොරෝනා ඉවර වෙලත්  නෑ ලොක්ඩවුන් උනත් තව ඉස්සරහටත් ඉවර වෙන එකක් නෑ වගේ තමා හිතෙන්නෙ.

ඉතින් කොහොමින් කොහොම හරි පුංචිම හරි සතුටකට  තියෙන්නේ කොරෝනා සීසන් එකත් එක්ක හිමිහිට හිමිහිට හිස ඔසවපු අපේ ගෘහස්ථ කෑම
ව්‍යාපාරය මේ වෙනකොට යම් තැනකට ඇවිත් තියෙන එක.ඇත්තටම දැන් අපේ ප්‍රධානම ආදායම ඒක.මුලු ලෝකෙම මුලු රටම මුලු ජීවිතේම තියෙන්නේ අස්ථීර තැනක නිසා ඉදිරිය මොනා වෙයිද කියන්න දන්නේ නෑ.එත් දැනට මං ඉවීමටම කැප වෙලා ඉන්නේ.ඒ කරන වැඩේ උපරිමව කැපවීමෙන් කරන එක තමා මේ කාලේ මගේ වගකීම වෙලා තියෙන්නෙ.වෙනදා උඩින්ම තිබුනු ලිවීම,කියවීම ,ඇවිදීම පොඩ්ඩක් පස්සට ගිහින් දැන් උඩම තියෙන්නේ ඉවීම.කැමැත්තෙන් ආසාවෙන් කරනකොට ඒකත් නරකම නෑ.පොඩි රෙස්ට් එකකට වැඩ නැති දවසක් එනකං බලං හිටියට එහෙම දවසටත් නිකං පිස්සු වගේ උයන්න නැතුව.ඉස්සර ගෙදර තුන්දෙනාට උයන එකත් මාර වදයක් වගේ හිතුනට දැන් මට සීයකට උනත් කිසි ගේමක් නැතුව තනියම උයන්න පුලුවන් 🤗

ආ...තව දෙයක් මතක් කරන්නම ඕනේ.මේ වෙනකොට අපේ බ්ලොග් ලියන්නන් ලියන්නියන් කීප දෙනෙක්ම මගේ කෑම රස බලලා තියෙනවා.එක පාරක් නෙවෙයි පස් හය වතාවක් ගත්ත අයත් ඉන්නවා.මෙහෙ විතරක් නෙවෙයි පිට රට ජීවත් වෙන අයත් ලංකාවේ තමන්ගේ පවුල් වලට සංග්‍රහ කරන්න මගේ කෑම යවනවා.එහෙයි මෙහෙයි දෙගොල්ලන්ගෙම රෙකමන්ඩ් කිරීමට තව ගොඩක් අයත් දැන්  මගේ හොද කස්ටමර්ලා වෙලා ඉන්නවා.අපේ බ්ලොග් ලියන්නන් ලියන්නියන් කාගෙවත් මං මෙතන නම් සඳහන් කරන්නෙනම් නෑ.මොකද එයාලගේ අවසරයකින් තොරව එහෙම ලියන එක හරි නැති නිසා.මේක බලලා ආ මමත් ගත්තෝ...මමත් කෑවෝ කියල එයාල කැමතිනම් කියන එක වෙනම දෙයක්.

ඉතින් කාපු අය මගෙන් දිගටම ඉස්සරහටත් ඕඩර් කරන්න..නොකාපු අයත් ඔය මං පහලින් දාන ලින්ක් එකට ගිහින් විස්තර හොයලා මගෙන් ඕඩර් කරන්න 🤣 ඉදල ඉදල මෙච්චර දිග පෝස්ට් එකක් ලිව්වම  ඇඩ් එකක් නොදා බෑනේ.හා...නැද්ද...

Lotus Catering Services

















38 comments:

  1. 4to ටික දැක්කම නම් කාලා බලන්නම වෙනවා.

    ජීවිතේ කියන්නෙත් ලේසි පහසු හුටපටයක් නෙමේ නේද අම්මොහ්....

    Tour එක ගියපු එක අන්තිමට කිසිම වැඩක් නැති එකක් කීවෙ උනු කරදර නිසාමද?

    ReplyDelete
    Replies
    1. හම්මේ නැතුව ඉතින් ඒ ගිය ගමනෙන් කිසිම වැඩක් උනේ නෑ හරියට ඇවිදින්නවත් ශොපින්ග් කරන්නවත් සන්වේ ලැගූන් එකේ කිසිම ඇක්ටිවිටි එකකට සහභාගි වෙන්නවත් බැරිඋනා.පුතාට බැරි නිසා අපි දෙන්නත් ඒ එකක්වත් කලේ නෑ.

      Delete
  2. ඒ ඩබල් වීමනම් මටත් තියේ..

    පින්තූර දැකීමෙන් බඩගිනිත් වැඩි උනා

    ReplyDelete
    Replies
    1. ඔය ඩබල් වීම කාලෙන් කාලෙට අඩු වැඩි වශයෙන් හැමෝටම එන එකක්නේ.

      Delete
  3. ඔයා හරිම උත්සහවන්ත කෙනෙක්. මම මුහුණුපොතේ ෂෙයාර් කරල පොඩි උදව්වක් කරන්නම්. ඔයාට මතකද සෙනෙහසේ ගීතය ටෙලි නාට්‍යයේ අනෝමා - වසන්ති චතුරානි- මහත්තය නැති උනාට පස්සෙ සීනිසම්බෝල ව්‍යාපාරයක් කරල දියුණු උන? මට ඒක මතක් වුනා. ඔයාට බැරිද කල්තියාගන්න පුළුවන් කෑම එක්ස්පෝට් කරන්න, හිතල බලන්න. ජයම වේවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාගේ අගයකිරීමට...කල්තියාගන්න පුලුවන් කෑම වර්ග දැනට පිටරට ඉන්න අයට යවන්න සහ යන අය අරන් යන වෙලාවල් තියෙනවා.

      Delete
  4. අවුරුදු ගානකට පස්සේ මේ බ්ලොග් එකක් බලන්නේ... :D
    බුකියේ ෂෙයාර් කලා... එච්චරනේ ඉතිං කොරන්න ඇහැකි...

    ReplyDelete
    Replies
    1. හම්මේ මාරයියා..බ්ලොග් වල දැක්ක කල්.ඒ දවස්වල ඔයාගේ මාරසරණිය එහෙම ආසාවෙන් බැලුවා නේ මම.

      Delete
  5. උණුසුම් සුබ පැතුම්, තමන්ගේම ව්‍යාපාරයක් කරලා ඉන්කම් එකක් එන එක, වෙන කාගෙවත් යටතේ වැඩ කරලා හම්බ කරනවට වඩා දාගෙන් සම්පතයි.......

    සුබ පැතුම් දුමීගෙන් !!

    ඩිලිවර් කරනවද ? මොන මොන පැති වලටද කියලත් පොඩ්ඩක් කියන්න නංගි !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ...අපි පිලියන්දල ඒ අවට සහ ඩිලිවරි ප්‍රශ්නයක් නැති ඕන තැනකට අරන් යනවා

      Delete
  6. රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය ..
    කෑම හරි රසයි....!!!

    ReplyDelete
    Replies
    1. ආ..ස්තූතියි මේ ඉන්නේ රස බැලූ කෙනෙක්...

      Delete
  7. ආ මමත් ගත්තෝ...මමත් කෑවෝ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉයන් ...මේ ඉන්නේ හත් අට වතාවක්ම ගත්ත කෙනෙක්...

      Delete
  8. කෑම ටික නම් බොහොම ලස්සනට තියෙනවා රසත් එහෙමම්ම වෙන්නැති. කාල බලන්න ආසයි.

    ReplyDelete
    Replies
    1. ලස්සන වගේම රසත් ඇති බව විස්වාසයි...ඔබතුමා දුරනේ ඉතින් ඉන්නෙ

      Delete
  9. බ්ලොග් එකෙන්ම දැකල කැනඩාවේ ඉදන් ව්ට්ස්ඇප් එකෙන් කතා කරලා ලංකාවෙ ඉන්න මගේ දෙමාපියටයි සහෝදරයාගේ පවුලේ අයටයි කිහිප වතාවක්ම කෑම ඕඩර කිහිපයක් කල සතුටුදායක ගණුදෙනු කරුවන් අතරින් කෙනෙක් විදිහට මාව හදුන්වනවට කැමැතියි. පවුලේ අයම හින්ද මට ලැබුණු ප්‍රතිචාර අවංකයි.

    ඕඩර කීපයේ විවිධ කෑම වර්ග අඩංගු වුණා. ඒ කෑම රසවත් වගේම, හරිම පිලිවෙලටත්, හිත්ගන්නා විදිහටත් තිබුණා. ඒ වගේම කියපු දවසෙ කියපු වෙලාවට සදවතිය හෝ සැමියා ඒවා ගෙනිහින් දීල තිබුණා. ඒ වගේම ඒවා කඩ කෑම වාගෙ නැතුව ගෙදර හැදුවා වගේ හොදින් තිබුණා කියලත් කිව්වා.

    මම දුරස්ථ ගණුදෙනු කරුවෙකු විදිහට දැක්ක හිත් ගන්නා කාරණා කිහිපයක් තියෙනවා. මට කැමති විදිහට සාධාරණ ගාණකට වෙනස්කම් එක්ක අපට ඕනෑ විදිහට කෑම දින කිහිපයකට කලින් ඕඩර් කරන්න පුළුවන්. ගෙවීම් විද්‍යුත් ක්‍රමවලින් ගිණුමටම කරන්න පුළුවන්. අපට ඕනෑ විදිහ කිව්වාම අදාල උත්සවයට (උදා - උපන් දිනයකට ) ගැලපෙන විදිහට එය සකස් කරන්නට ඇය හැමවිටම උත්සාහ කරන්නේ අමතර අය කිරීමකින් තොරවයි. වැදගත්ම දේ ඇය කෑම ඕඩරය යැවූ සැණින් මට එහි ෆොටෝ වට්ස් ඇප් මගින් එවන නිසා දවසේ වෙලාවේ වෙනස්කම් තියෙන අපට එය නිසි ලෙස යැවුණු බව තහවුරු වෙනවා.

    ඇගේ ව්‍යාපාර දියුණුවට සුබ පතනවා. දිගු ගමනකට ජය.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අයියේ මේ නිහතමානී අදහස් සහ ඇගයුමට.මට තව ඉස්සරහට එක අඩියක් තියන්න මේ ඇගයුම් පැසසුම් මාරම වටිනවා.ගොඩාක් දුරක හිටියත් ඇත්තටම ඔයා මගේ කෑම වල හොද ගනුදෙනු කරුවෙක්.ඔයාගේ අගයකිරීම් වලින් තව අයත් ඒ අය හරහා එකතුවුන තව අයත් මගෙන් කෑම ගන්නවා.ඒ වගේ රෙකමන්ඩ් වලින් එකතුවුන ගොඩක් කට්ටියක් දැන් මගේ වටේ ඉන්න්නවා.ඉතින් ස්තූතියි අය්යාගේ සුබ පැතුමට.

      Delete
  10. කොරෝනා ලොක් ඩවුන් එක පටංගන්නකොට අතේ තිබුණෙ රුපියල් 3000 යි. ඉතිං හිතාගත්තැකිනෙ වැඩේ.
    අල්ලගෙන ඉන්න එකයි තියෙන්නෙ කොයි වෙලාවක හරි හොඳ අතට වැඩ සිද්ධවෙයි.

    ReplyDelete
    Replies
    1. හප්පා ඒ කාලේ තමා කාලේ.අපි හිතුවේ බඩගින්නට අන්තිමට අර චෙක් කොළ ටික තම්බලා කන්න වෙයි කියලා.අදටත් ඒ සමහර සල්ලි ලැබුනේ නෑ ඉල්ලන්නත් බෑ.ඒ මිනිස්සුත් කඩං වැටිලා.සමහර ෆෝන් ශොප් වැහිලම ගියා.

      Delete
  11. කොරෝනා නං අපිව නැත්තටම නැති කළා.
    ඒ දවස් ටිකේ ඔළුව උස්සල හිටිය පඩිය නිසා. දැං පඩිය තිබ්බට ඒ ගාණට ජීවත් වෙන්න බෑ.
    රෙස්ටොරන්ට්ස් හොටෙල්ස් වලට වෙච්ච දේ නං කතා කරල වැඩක් නෑ.

    කෑම නං රස පාටයි. ❤️❤️❤️
    දවසක කන්ට හම්බෙන්නැතෑ. 😃😃
    සුබ පැතුම් ව්‍යාපාරයට සියල්ල දිනෙන් දින සාර්ථක වේවා

    ReplyDelete
    Replies
    1. ඔව් තවමත් මේක ඉවරයක් නෑ.මොනවායින් මොනවා වෙලා නවතීද මන්දා.ස්තූතියි සුබ පැතුම් එක්කලාට

      Delete
  12. සුබපැතුම් සඳවතී. හරිම රස පාටයි. කීප දෙනෙක් අතරේ ආරංචිය පැතිරුවා ඔන්න

    ReplyDelete
  13. ඕඩර් කරන්ඩ එක දවසක් කතා කලත් ඩිලිවරි ප්‍රශ්නයක් හිංද වැඩේ හරි ගියේ නෑ. ඊට පස්සේ පහුගිය අප්‍රේල්වල ඉඳලා කොරෝනා හිංදා මීටිං වර්චුවල්! ළඟඳිම රහ බලමු!

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් ඔයා ඒ ගැන කිව්වා මතකයි.අපිට සහ ඕඩර් කරන කෙනාට ප්‍රශ්නයක් නැත්තං තූත්තුකුඩියට හරි ඩිලිවරි කරනවා 🤣 හැබැයි ඉතින් පොඩ්ඩක් සදහනකුත් කරන්න කෝල් කලාම මං මේ කෙනායි කියල හොදේ

      Delete
  14. මේ අපිත් ගත්ත... කෑවා

    මරේ මරු !

    ReplyDelete
    Replies
    1. අප්පටසිරි කිව්වලු....එහෙනං මගේ අනුමාන කිරීම හරි... අර බ්ලොග් කියවන නම නොකී කෙනා

      Delete
  15. ඔයාගෙ රස, ප්‍රියමනාප කෑම වේලක් කන්න හරිම ආසාවෙන් ඉන්නේ නංගි. දුර නිසා ඉතින් ගෙන්නගන්න විදියකුත් නෑනෙ. ඔය පැත්තෙ ඇවිල්ලම තමයි කන්න වෙන්නෙ...

    කවි ලිය ලියා, පොත් කියව කියවා සැහැල්ලුවෙන් උන්නු කෙල්ල ජීවන බරට උර දෙන හැටි දකිනවා... දිනෙක් දින දියුණු වෙන්න මගේ සුබ පැතුම් ගොන්නත් එකතු කරන්නම්.

    ReplyDelete
    Replies
    1. ඒකනේ දුර තමා ප්‍රශ්නේ...කොළඹ ආපු වෙලාවක කමු ඉතින්.ස්තූතියි සුබ පැතුමට අක්කා..

      Delete
  16. අමු හිංගලෙන් වත් පොතේදී ඇහුවා කඩවතට ඩිලිවරියක් කරණ්න පුළුවංද කියලා!? අදටත් නැති උත්තරයට බොහොමත්ම ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. හෑ...සමාවෙන්න එහෙම එකක් දුටුවේ නෑ නොවැ.කඩවතටනම් අපේ ගෙදර ඉදලා හයිවේ එකේ පැය භාගයයි.ඒ උනාට රෝද හතරක් නැති නිසා ඒක කොරන්ට බෑ..ඒත් ඉතින් ඔබතුමාට මේ පැත්තට එහෙම ඇවිත් අරන් යන්න පුලුවන් නම් ආං වැඩේ හරි

      Delete
  17. අපගේ සින්ඩියේ ඔබට ඉඩක් වී ඇත! ගොඩවී බලන්න - කැටපත් පවුරේ!

    මේ දැනට ක්‍රියාත්මක වැඩිම වපසරියක් තුල පැතිරුණු සින්ඩියයි. බ්ලොග් 1150 ක්!

    අළුතින් බ්ලොග් ලියන්නන් සඳහා වෙන්වුනු "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොලමට ගොඩවී දුහුනන්ගේ මැවුම් සඳහා දිරි දෙන්න අමතක කරණ්න එපා!

    අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය මගින් ප්‍රචාරණයක් ලබා දීමට කාරුණික වන්න!

    ReplyDelete
  18. වෙලාවක කන්නම ඕනේ..ලිවිල්ල වගේම ඉවිල්ලත් රසවත් ඇති

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

අහන්නකො.....

  මං ආසයි කවදම හරි දවසක ඔව්..කව....අ අ අ අ අ ....දම හරි දවසක ඔයා ළඟින් වාඩිවෙලා හරි හරියට ඔයත් එක්ක වැටෙනකංම  බොන්න (මේකි යකෝ...පිස්සු උඹට.....