සඳට බැළුම් හෙලූ අය

Mar 7, 2022

පසුතැවීමත් ප්‍රේමයකි !

 


අනූ..අනූ..අනුත්තරා....

කල්ප කාලාන්තරේකට පස්සෙ වුනත් ඒ හඬ අඳුර ගන්න බැරි කමක් නෑ.අන්න ඒ හින්දම හදවත මොහොතකට නැවතුනා වගේ මට දැනුන. සුනේත්‍රගේ  සුබෝධාලංකාරයට ඇස් ඔබා ගෙන හිටපු මම තවත් මොහොතක් දෙකක් එහෙම්මම හිටිය.ඒ ඔයාමයි කියල කියන්න ඔඩොක්කුවෙ තියෙන පොතට පහලින් සමාන්තරව පෙනෙන බිම නතරවුණු ඒ සපත්තු දෙකම සාක්ශියක්.ඔව් අවුරුදු අටකට පස්සෙත් ඒ බ්‍රෑන්ඩ් එකම... ඒ ස්ටයිල් එකම... ඔයා වෙනස් වෙලා නෑ...

අනූ...

ඊළඟට ඒ කටහඬ ඇහුනෙ  මගේ දකුණු කන ගාවින්ම.ඒ සුවඳ... ඔව් අඩුම ගානේ ඒ සුවඳවත් වෙනස් වෙලා නෑ.අවුරුදුම අටක් ඔව් අවුරුදුම අටක්.මං හිමිහිට ඔලුව ඉස්සුවෙ සන්සුන් වෙන්න කියල හිතට තරවටු කරන ගමන්

මහිම.....ඔයා......

කොහොමද අනූ ...ගොඩාක් කාලෙකින්...

ඔව් මහිම...ගොඩාක් කාලෙකින් හරියටම අවුරුදු අටයි මාස තුනයි දවස් දාහතරයි පැය.......

හෝ...ව්....හෝ...ව්...අම්මෝ  මං ගිය දවසෙ ඉදන් ඔයා දවස් ගනන් කලාද...හා හා හා...අනූ ඔයානම් මාරයි.

ඒකට උත්තරයක් නොදී මං ඒ හිනාව දිහා බලන් හිටිය.ඒ සැහැල්ලුව ඒ දඟකාරකම එහෙමමයි.ඔයා වෙනස් වෙලා නෑ.

ඉතී.......න්....කොහොමද අනූ...ඔයා දැන් ඉස්සරටත් වඩා ලස්සන වෙලානෙ..

ලස්සන නෙවෙයි මහිම ඒ පරිනතකම..අපිට දැන් වයසයිනේ...

වයසයි....අවුරුදු විසි  හතත්  වයසක්ද අනූ...

ආයෙත් ඒ දඟකාර හිනාව.පුංචි කෙල්ලෙක් සංදියෙදි මාව හිරිවට්ටපු ඒ හිනාව...පස්සෙ  කාලෙකදි මගේ හිනාව උදුර ගත්ත ඒ හිනාව.

සෝ...ඔයා මොකද මෙතන කරන්නේ.මහිම ඇහුවෙ විහාරමහාදේවී පාක් එක වටේට ඇස් යවන ගමන්.

මංද...මං මේ මෙතන වාඩි වෙලා පොතක් කියවනවා...

හරි සැහැල්ලුවෙන් වගේ එහෙම කිව්වට හිත ඇතුලෙ මහා ගිනිකන්දක් සක්‍රීය වෙමින් තිබුනෙ.

එක හරි ළමයෝ ඒක මට පේනවනේ..මෙච්චර වාහන සද්දෙත් එක්ක පාර අයිනෙම බංකුවක  වාඩිවෙලා හරියට කවුරු හරි එනකං  බලන් ඉන්නව වගේ.

ඔයා හරි මහිම මම මගේ පුතා එනකං  බලන් ඉන්නෙ එයාට අද නෙළුම් පොකුණෙ කොන්සර්ට් රිහසල් එකක්....

මං එහෙම කියද්දි මට ඕන වුනා ඒ ඇස් දිහා හරි කෙලින් බලන්න...පුංචිම පුංචි වෙනසක්වත් ඒ ඇස් වල වෙනවද බලන්න..ඒත් මට බය හිතුන  ඒ ඇස් වල දිස්නෙට ආයෙමත් මං ඇදිල යාවි කියල මං බය වුනා.

වා...ව්... ඔයා මැරි කලාද අනූ....මට එහෙම හිතුනෙම නෑ...කෝ අතේ මුද්දක්වත් නෑනේ....

පොඩි වෙනස් වීමක් සසළ වීමක්වත් ඒ හඬේ නෑ...චික්..මටයි පිස්සු ...මං කසාඳ බැන්ඳ කිව්වම ඔයා දුක් වෙයි කියල හිතපු මටයි පිස්සු...

කසාඳ බැන්ඳම මුද්දක් දාන්නම ඕනෙද මහිම ?

මං එහෙම ඇහුවෙ තාමත් මහිම මගේ වම් අත දිහාම බලන් උන්න නිසා.

කසාඳ නොබැඳ ළමයිත් හදන රටක අවුරුදු අටක් ඉඳල ආපු ඔයා මගේ කසාඳෙ මුද්දකින් හොයන එක විහිලුවක් වගේ...අනික මං දන්න ඔයා ඒතරම් ගතානුගතික අදහස් තිබුන කෙනෙක් නෙවෙයි....

ඕ...කමෝන් අනූ...ඒක සීරියස් ගන්න එපා...හරි දැන් කියන්න මට පුතා ගැන හස්බන්ඩ් ගැන...ඔයා ගැන..

මෙච්චර වෙලා මගේ ඉස්සරහ හිටගෙන හිටපු එයා අනවසරයෙන්ම බංකුවෙන් වාඩි උනා.මෙච්චර වෙලා දරාගෙන උන්නු ගිනි කන්ද පුපුරලා ඇස් වලින් ලෝදිය වැක්කෙරෙයි කියල මං බය වුනා.මේ මගේ  පාසල් ප්‍රේමය ...ප්‍රථම ප්‍රේමය... අවුරුදු පහළොවක් වගේ හිරිමල් වයසෙදි  හිත හිරිවට්ටපු පිරිමි සුවඳ..අවුරුදු තුනක් එකම දවසක්වත් නොදැක ඉන්න බැරි තරමට මාව පිස්සු වට්ටපු හිනාව....අයාලේ යන හිත මම දඩස් ගාලා ළඟට අරගත්ත.

අපි හොදින් ඉන්නවා...

අම්මෝ ඔහොම ඕනාවට එපාවට කතා කරන්න එපා ඉතින්.දන්නවනෙ ඔයා මගේ ෆස්ට් ලව් එක..ඊට පස්සෙ කොච්චර කෙල්ලො ළඟට ගත්තත් මට ඔයාව අමතක උනේ නෑ...ඒ උනාට ඔයා නම් මං ගිය ගමන්ම මැරි කරලා බබ්බුත් හදලා..

එයා හිනා වෙවී එහෙම කිව්වෙ හරි සැහැල්ලුවෙන්.ඒ වුනාට ඒ වචන වලට මගේ ඇස් වලින් ගිනි පිටවෙන්න ගත්ත.

මහිම....ඔයා කතා කරන්නෙ හොද සිහියෙන්ද...ඔයාටයි යන්න ඕන වුනේ...ඒ යද්දි ලංකාවේ බැඳීම් තියාගෙන යන්න බෑ කිව්වෙ ඔයයි...ඔයයි කිව්වෙ ඔයාව අමතක කරන්න කියල...ඔයත් මාව මතක තියා ගන්නෙ නෑ කිව්ව...අපි ආයෙ හමුවෙන්න ඕනෙ නෑ කිව්වෙ ඔයයි..ඔයයි...අපේ ආදරේ මොන තරම් දුර ගිහින් තිබුනත් මං ඔයාව නැවැත්තුවෙ නෑ...යන්න එපා කිව්වෙ නෑ...ඒ ඔයාගෙ සතුට මගේ සතුට කියල හිතපු නිසා...මං....මං....

වචන පටලැවි පටලැවි මගේ ඇස් වලට කඳුළු උනාගෙන ආවා.ආදරේ ඉවර කරල ඔයා ගිය දවසෙවත් ඔයාට පේන්න මං ඇඬුවෙ නෑ...ඒත් දැන්...මං ඉක්මනට බෑග් එකෙන්  ෆෝන් එක අරන්  ඒකට මූණ ඔබා ගත්ත. විදුලි වේගෙන් මගේ ඇඟිලි  ෆෝන් එක දිගේ දිව්වෙ පුරුද්දට.එදා ඔයා යද්දි මං උහුලගත්ත දුක වගේ දහ දොළොස් ගුණයක් වැඩියෙන් අද ඔයාට දුක දැනේවි සමහරවිට.මුලදි මට ඒ ගැන බයක් කම්පාවක් තිබුනට දැන් දැනෙන්නෙ කුරිරු  සතුටක්.ඔව් ඔයා ඒ දුක විඳින්නම ඕනෙ.

අනූ ....මං  දන්නව...

මහිම මං දැන් යන්න ඕන...මං එහෙම කියල බංකුවෙන් නැගිට්ටෙ පාර පැනල  දුවගෙන එන රුවක් දිහා බලාගෙන.

අම්මා....

පුතා ආවේ ඈත ඉදන්ම කෑ ගහගෙන.

මහිම මේ මගෙ පුතා ....මහිම...මහිම මන්දහාස  කරුණාරත්න...

මං පුතාගෙ අතින් අල්ලගෙන මහිම දිහා බැලුව. එයාගෙම ඇස්, එයාගෙම නහය, එයාගෙම කට තියෙන එයාගෙම පොඩි කාලේ ජීවමාන රූපය දිහා මහිම බලන් උන්නෙ ඇස් උඩ තියාගෙන.

එතනින් එහාට මට කියන්න මුකුත් තිබුනෙත් නෑ ..කියන්න ඕන වුනෙත් නෑ.

ඒ වෙනකොටත් කලින් ඕඩර් කරපු ඌබර් ටැක්සිය පේන මානෙ නවත්තල තිබුණ.

අපි යන්නම්....

මං පුතාගෙ අතින් අල්ලගෙන පුලුවන් තරම් වේගෙන් ගිහින් ත්‍රීවීල් එකට  නැග්ගා.වාහනේ ඉස්සරහට යද්දි  මං එක පාරක් ඔලුව හරවල මහිම දිහා බැලුව. මහිම මහා හයියෙන් කෑගහගෙන දුවගෙන එන හැටි මං දැක්ක.

අනූ...අනූ..අනුත්තරා...

මෙච්චර වෙලා හිරකරන් උන්න හුස්ම මහා සද්දෙට පිට කරල මං ඇස්දෙක පියා ගත්ත.මහිම.. මගෙ පුතා වචනයක්වත් නොකිය මාව තුරුල් කරගත්ත.


                                                                     



 


 

21 comments:

  1. තමුන්ගෙ මිනියට ඒම කරපු එක වැරදි. අරූගේ නම අහපුදවසෙ ඉඳන් මිනිහගෙ life එකම ආගාදෙකනෙ..... ගෑනු ඔහොම්මමයි

    ReplyDelete
    Replies
    1. මිනියට? අර හාදය වාහනේක හැපිල මලාද?🤔

      Delete
    2. මිනිහ - මිනිහා..... මොකද්ද බෂ් මෙම නොන්ඩි කොරන්නෙ😄😄

      Delete
    3. නමියා - සැක් ඒකනේ මේ ගෑනු නම්...

      Delete
    4. බස්සා - ඒකනේ ඒකාට මැරි මැරි උපදින්න තියන්න එපැයි එක පාර නොමරා 🤣

      Delete
  2. නමියා තමයි පාර පෙන්නුවෙ.

    කලින් පෝස්ට් එකයි, මේකයි දෙකම එකටම කියෙව්වා. ලියනවට ස්තූතියි.🙏👌😊

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දෙන්නටම .මාත් ඒ පැත්තේ ගියා..දෙකක් කියවලා මදිනේ ඔන්න ඔහෙ ඉඩ ට්ජියෙන වෙලාවට තව ටිකක් කියවන්න.

      Delete
  3. දෙඤඤම් ජම්බූඌ.. ඉට්ටෛල් ඈ...

    ජයවේවා!

    ReplyDelete
  4. 'අපේ ආදරේ මොන තරම් දුර ගිහින් තිබුනත්', 'එයාගෙම ඇස්, එයාගෙම නහය, එයාගෙම කට තියෙන එයාගෙම පොඩි කාලේ ජීවමාන රූපය' : මම කතාව හදාගත්තෙ මේ කොටස් දෙකෙන්. එතන නම් 'මිනිහෙක්' හිටියෙ නෑ. ඒකියන්නෙ මම wishful thinkingද. වෙනස් විදිහක, ලස්සන කතාවක්.

    ReplyDelete
  5. මෙන්න බොලේ සඳවතිය ආපහු ලියනවා. අනේ සාදු! දිගටම ලියමු. කතාව නියමයි. ලස්සනයි. සඳවතී ඉතින් කවි කතා ගොතන්න දස්සයානෙ කෝමත්.

    ReplyDelete
    Replies
    1. අනේ ස්තූතියි ...ලියමු ලියමු ඔන්න ඔහෙ කෝම හරි නේ..ඉස්සර වගේ ලියන්න මමත් ආසයි ඒත් නොලියවෙන එක තමා කරුමේ

      Delete
  6. excelant............Same as my life story.....

    ReplyDelete
  7. කාලෙකින් ආවේ සොඳුරු සඳවතී ගේ බ්ලොගයට්. ලස්සන කතාව. ලංකාවේ නොවුනත් මෙහෙම කතා දෙක තුනක් දන්නවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ...ඒකනේ..මෙහෙම කතාත් තීනවා කප්පරක්ස්ට ඒ කියන්නෙ

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...