සඳට බැළුම් හෙලූ අය

Dec 16, 2023

නොහඬා ඉන්නම් !!


 හුරු පුරුදු මල් පාරෙ නුඹෙ සුවඳ ඇති කියා

මොහොතකට නැවතිලා ඉන්නවා මඟ බලා

අපි අපෙන් වෙන් වුනත් මතකයට ගිනි තබා

තාම හිත ඇවිලෙනව ඒ මතක හොය හොයා


හිතට දුක දැනෙද්දී නෙත කඳුළු පිරෙනවා

රෑ අහසෙ තරුවකට මගේ දුක කියනවා

කදෝපැණි එළියකින් හිතේ තනි මැකෙනවා

අහිමි වුන නුඹෙ නමට මේ කවත් ලියනවා


හිම මිදෙන හීතලක නුඹේ උණුහුම හොයා

දුව එන්න හිතයි මට බැඳි පවුරු බිම හෙලා

මේ සඳෙම සෙවනැල්ලෙ නුඹ ඉන්න තැන කියා

එවනවද ආදරය සුළං රැල්ලක ඔතා 



24 comments:

  1. ටයිටල් එක කියවවනකොටම මතක් උනෙ... නිරෝෂගෙ 'නොහඬා ඉන්නම් ගිලිහුණු දා' සිංදුව.
    අවුලක්මත් නැ. මේකට ඒක මැච් වෙනව 💔

    ReplyDelete
    Replies
    1. කවිය කලින් ලියපු එකක් ඒක ට ටොපික් එකක් හිත හිත ඉද්දිද මේ සිංදුව ඇහුනා කයියත් ඔබල සිංදුවත් ඒකටම එබුවා 🤗

      Delete
  2. ලස්සන සින්දුව. බන්දුල නානයක්කාරවසම්ගෙ "රෑ ඉර පාන" කියල රේඩියෝ වැද සටහනක් තිබ්බා. හරිම අපූරු කටහඞ්ක් වගේම කලා හැකියාවක් තියෙන කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. හූම්ම් සිංදුව විතරයි ඔහේට ලස්සන..කයිය හොද නෑද 😊

      Delete
  3. හ්ම්ම්, සින්දුව සහ කවිය දෙකම ලස්සනයි
    මම විජේබාහු

    ReplyDelete
  4. හිම මිදෙන හීතලක නුඹේ උණුහුම හොයා
    දුව එන්න හිතයි මට බැඳි පවුරු බිම හෙලා
    මෙන්න මේ ටික නම් ටිකක් තදින් හිතට වැදුනා. හරිම ලස්සන කවක්.

    ReplyDelete
    Replies
    1. හිම මිදෙන රටක වාසය කරනකොට එහෙම දැනෙනවා වැඩී තමා..ස්තූතියි ඔයාට 😍

      Delete
  5. ආදරය විශේෂයෙන් අහිමි ආදරය හොඳට විඳින්න පුළුවන් මාතෘකාවක් තමයි. ඒත් ඉන් ඔබ්බට ගිහින් වෙනත් අත්දැකීමුත් එකතු කරගත්තොත් තමයි කවිකම තවත් ලස්සන වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව් ප්‍රේමය ,විරහව කියන්නෙ හොදට රහ කරලා ලියන්න පුලුවන් දෙයක්නෙ.ඒ නිසා වැඩිපුර ඒවා තමා ලියවෙන්නෙ. ඒත් ඉතින් විවිධ ටොපික්ස් වල ඒවත් නොලියවෙනවාම නෙවෙයි එහෙම ඒවත් බ්ලොග් එකේ තියෙනවා.ස්තූතියි ඔයාට..

      Delete
  6. හරිම ලස්සනයි සඳූ....
    ජයවේවා !!!

    ReplyDelete
  7. සින්දුවද කවියද වඩා හොඳ කියලා කියන්නේ කොමද කියලා කම්පනා කරේ

    ReplyDelete
    Replies
    1. සිංදුවනේ...ඒ උනාට කයියත් හොදා කියපම්...👻👻

      Delete
  8. ෆේස්බුක් එකේ මේ කවිය කියෙව්වද මන්ද. ලස්සනයි

    ReplyDelete
  9. හරිම ලස්සනයි++++++++++++ මයියා

    ReplyDelete
  10. හැමදාම වගේ හරිම ලස්සනයි ❤

    ReplyDelete
  11. හහ් හඃ හා ෆ්ලවර් රෝඩ් එකේ ඉස්ටෝරි.
    ඒ කාලෙ අපි තෝසෙ පාරක් දාන්ඩ රහීම එකට යනකොට අපේ කොල්ලො යනවා ඔය පාර දිගේ ලේඩීස් එක පැත්තට.
    සුවර් එකටම ඒකෙග්ගෙ කතාවක්.

    මරු!

    ReplyDelete
  12. ලස්සන කවියක් . ගී ලියමු , ලන්ඩන් කවි වලටත් යවන්න අමතක කරන්න එපා.

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...