හුරු පුරුදු මල් පාරෙ නුඹෙ සුවඳ ඇති කියා
මොහොතකට නැවතිලා ඉන්නවා මඟ බලා
අපි අපෙන් වෙන් වුනත් මතකයට ගිනි තබා
තාම හිත ඇවිලෙනව ඒ මතක හොය හොයා
හිතට දුක දැනෙද්දී නෙත කඳුළු පිරෙනවා
රෑ අහසෙ තරුවකට මගේ දුක කියනවා
කදෝපැණි එළියකින් හිතේ තනි මැකෙනවා
අහිමි වුන නුඹෙ නමට මේ කවත් ලියනවා
හිම මිදෙන හීතලක නුඹේ උණුහුම හොයා
දුව එන්න හිතයි මට බැඳි පවුරු බිම හෙලා
මේ සඳෙම සෙවනැල්ලෙ නුඹ ඉන්න තැන කියා
එවනවද ආදරය සුළං රැල්ලක ඔතා
ටයිටල් එක කියවවනකොටම මතක් උනෙ... නිරෝෂගෙ 'නොහඬා ඉන්නම් ගිලිහුණු දා' සිංදුව.
ReplyDeleteඅවුලක්මත් නැ. මේකට ඒක මැච් වෙනව 💔
කවිය කලින් ලියපු එකක් ඒක ට ටොපික් එකක් හිත හිත ඉද්දිද මේ සිංදුව ඇහුනා කයියත් ඔබල සිංදුවත් ඒකටම එබුවා 🤗
Deleteලස්සන සින්දුව. බන්දුල නානයක්කාරවසම්ගෙ "රෑ ඉර පාන" කියල රේඩියෝ වැද සටහනක් තිබ්බා. හරිම අපූරු කටහඞ්ක් වගේම කලා හැකියාවක් තියෙන කෙනෙක්.
ReplyDeleteහූම්ම් සිංදුව විතරයි ඔහේට ලස්සන..කයිය හොද නෑද 😊
Deleteහ්ම්ම්, සින්දුව සහ කවිය දෙකම ලස්සනයි
ReplyDeleteමම විජේබාහු
ස්තූතියි ඔයාට
Deleteහිම මිදෙන හීතලක නුඹේ උණුහුම හොයා
ReplyDeleteදුව එන්න හිතයි මට බැඳි පවුරු බිම හෙලා
මෙන්න මේ ටික නම් ටිකක් තදින් හිතට වැදුනා. හරිම ලස්සන කවක්.
හිම මිදෙන රටක වාසය කරනකොට එහෙම දැනෙනවා වැඩී තමා..ස්තූතියි ඔයාට 😍
Deleteආදරය විශේෂයෙන් අහිමි ආදරය හොඳට විඳින්න පුළුවන් මාතෘකාවක් තමයි. ඒත් ඉන් ඔබ්බට ගිහින් වෙනත් අත්දැකීමුත් එකතු කරගත්තොත් තමයි කවිකම තවත් ලස්සන වෙන්නේ.
ReplyDeleteඇත්තටම ඔව් ප්‍රේමය ,විරහව කියන්නෙ හොදට රහ කරලා ලියන්න පුලුවන් දෙයක්නෙ.ඒ නිසා වැඩිපුර ඒවා තමා ලියවෙන්නෙ. ඒත් ඉතින් විවිධ ටොපික්ස් වල ඒවත් නොලියවෙනවාම නෙවෙයි එහෙම ඒවත් බ්ලොග් එකේ තියෙනවා.ස්තූතියි ඔයාට..
Deleteහරිම ලස්සනයි සඳූ....
ReplyDeleteජයවේවා !!!
ස්තූතියි දුමී
Deleteසින්දුවද කවියද වඩා හොඳ කියලා කියන්නේ කොමද කියලා කම්පනා කරේ
ReplyDeleteසිංදුවනේ...ඒ උනාට කයියත් හොදා කියපම්...👻👻
Deleteෆේස්බුක් එකේ මේ කවිය කියෙව්වද මන්ද. ලස්සනයි
ReplyDeleteඔව් අයියේ පරණ එකක්...
Deleteහරිම ලස්සනයි++++++++++++ මයියා
ReplyDeleteස්තූතියි මයියා
Deleteහැමදාම වගේ හරිම ලස්සනයි ❤
ReplyDelete❤️ ස්තූතියි
Deleteහහ් හඃ හා ෆ්ලවර් රෝඩ් එකේ ඉස්ටෝරි.
ReplyDeleteඒ කාලෙ අපි තෝසෙ පාරක් දාන්ඩ රහීම එකට යනකොට අපේ කොල්ලො යනවා ඔය පාර දිගේ ලේඩීස් එක පැත්තට.
සුවර් එකටම ඒකෙග්ගෙ කතාවක්.
මරු!
😃😃
Deleteලස්සන කවියක් . ගී ලියමු , ලන්ඩන් කවි වලටත් යවන්න අමතක කරන්න එපා.
ReplyDeleteස්තූතියි අයියේ
Delete