සඳට බැළුම් හෙලූ අය

May 18, 2024

ප්‍රිය මහත්මයාණෙනි !!

 





බොහෝ කලකට පසුව

ඔබ අමතමි

එනමුදු ,

ඔබ සුවෙන්දැයි 

නොඅසමි...


නොබෝ දිනකට පෙර

ඔබ එවූ " එකම  " වදන

රහසේම කියවා

නොදුටුවා සේ

තවමත් සිටින බව

ඔබ දන්නා බව, මම ද දනිමි...


එහෙත් 

මා එය නොදන්නා සේ

සිටින්නට වෙහෙසෙමි...


ඔබේ හමුවීම 

සංසාර පුරුද්දක්‍ යැයි

සිතා සැනසුණු හිතට

තරයේ තරවටු කරමි...


ඔය නෙතු මත්තේ

වෙලී පැටලී 

"අනවසර " හීන මැවූ

ම'හිත කුඩු පට්ටම් 

වී ඇති බව පමණක් 

ලියා තබමි...


ප්‍රිය මහත්මයාණෙනි !


 "අත්හැරීමද ප්‍රේමයකි "

 බොහෝ වර බොහෝ තැන

 අසා ඇති හෙයින් 

 ඔබට අත් හැරෙන්නට

 හෝ අත් හරින්නට 

 ඉඩ හසර සාදා දෙමි..


ඉතින් ,


මා සුවෙන්‍ යැයි නොකියමි

ඔබ සුවෙන්දැයි නොඅසමි

" සමුගැනීම '' පමණක් 

මෙලෙස දන්වමි...



22 comments:

  1. මා කඳුලින් බව සිතනු එපා
    ඔබ කඳුලින් නම් තැවෙනු එපා
    රෑ තරුවක් වී මගෙ ලෝකේ
    ඔබ වරුවක් වත් හිඳිනු මැනේ..

    ReplyDelete
    Replies
    1. ලස්සන සිංදුවක්..අමතක වෙලා තිබුණු

      Delete
  2. නොවිඳිය යුතු විඳීමක් හො‍ඳින් ඉදිරිපත් කරලා තියනවා.

    ReplyDelete
  3. අලුත් රහක්. ලස්සනයි සඳූ.
    ජයවේවා !!!

    ReplyDelete
  4. අත් හැරියත් ගතින්
    අත් හැරෙන්නේ නැත සිතින්

    ReplyDelete
  5. මම දාපු කමන්ට් එක කෝ

    ReplyDelete
    Replies
    1. ඔන්න හොයාගත්තා ස්පෑම් වල තිබිල

      Delete
  6. ඒ වුනාට අත්හැරීමත් නොවේ ප්‍රේමය

    ReplyDelete
    Replies
    1. ඒකනේ ප්‍රේමයට නිර්වචන දෙන්න බැරි 🤗

      Delete
  7. අපට අප හිමි නෑ ලොවේ, ඔබට මා හිමි නෑ... කියලයි චාමර කීවෙ

    අපූරැයි පබැඳුම 💔!

    ReplyDelete
    Replies
    1. අම්මෝ කාලෙකින් මේ පැත්ත මතක් වෙලා.

      Delete
  8. අපොයි සොඳුරු සඳවතී තාම ලියනවා. ඒ කාලෙ දත් මිටි කකා ‍‍ දෙනුවන් අනුහස බලාපු මිනිස්සු අපි. එතකොට ඔය එක එක ඉනිම්වල අනුහස්ලා උපදින්න හිතලවත් නෑ!

    ReplyDelete
    Replies
    1. අඩේහ් ඔයා කොහෙද අනේ හිටියේ..ඒකනේ ඒකනේ ඔයාට තාම ඒ අනුහස් මතකයි..❤

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඉස්තලන් දමනය !!

  අද හෙනහුරා දා නොවැ.ඒ අස්සෙ අද ඇසළ පෝයත් නොවැ.ඒ විතරක්‍ යැ අද අර ශනිදා දහයට බ්ලොග් පෝස්ට් දානත් දවසැ නොවැ.ඔය මොනවා උනත් මං අද මේකේ මක්කාවත්...