සඳට බැළුම් හෙලූ අය

May 11, 2024

TriDax හැන්දෑව !

 

දෙයියනේ දෙයියනේ අද සෙනසුරාදා නොවැ.අද ශනිදා දහයට අයෙත් කාලෙකින් බ්ලොග් එක අප්ඩේට් කරන පරම පවිත්‍ර චේතනාවෙන් නොවැ මං හිටියේ.කොහෙද ඉතින් මතක් උනේ අන්තිම මොහොතෙනේ.දැන් ඉතින් මොනවා කියල කරන්නද...එහෙමෙයි කියල ඉතින් නිකා ඉන්නත් බෑ බෑ වගේ.ඔන්න මගේ කුඩා මොලේට පුංචි අයිඩියාවක් ආවා.මං ඊයේ  හැන්දෑකරේ අපේ වත්ත පල්ලෙහාට ගිය වෙලාවක දැක්ක නොවැ මල් යායක්.(මං පැල කරපුවා නෙවෙයි වදේ ) මල් වලට කොච්චර ආස උනත් මට නෑනේ ඔය මල් ගස් හිටවිල්ල ගැන එහෙම ලොකුවට ආසාවක්.මේ ඉබේම පැල වෙච්ච පුංචි මල් යායක්.මලේ නම TriDax ලු.සිංහලෙන් නමක් තියෙනවද දන්නෙත් නෑ එව්ව හොයන්න තාම වෙලාවක් ආවේ නෑ.මීට කලින් ඔය මල් පහක් හයක්  පිපිලා තියෙනව දැක්කත් මෙහෙම යායක් අපේ වත්තෙ මං දැක්කෙ මේ පාර තමා.මං ඉතින් දුවල ගිහින් ෆෝන් රාජයත් උස්සන් ඇවිත් හතර අතේ පොටෝ ඇල්ලුව.


ආං එව්ව තමයි මේන් මේ තියෙන්නෙ හොදේ.අද ශනිදා දහයට මෙච්චර තමා.ඔයින් ගියා මදෑ.🙃













21 comments:

  1. ආහ්... මෙහෙම හරි පෝස්ට් එකක් වැටෙන එකනම් සතුටුදායක දෙයක්.
    ජයවේවා !!!

    ReplyDelete
  2. නමට හරියන්න එක්ක කවියකින්ම කියන්න තිබුනනේ.

    ReplyDelete
    Replies
    1. මාත් ආසයි එහෙම උනානම්.කොහෙද ලියවුනේ නෑනේ

      Delete
  3. කැමරා ෆෝන් එකේ මැක්රො ඔප්ශන් එකෙන් නේද මල් වල ක්ලොස් අප් ෆොටෝ ටික ගැහුවේ

    ReplyDelete
  4. පුළුන් මල. අපේ පැත්තේ හිටු කියල වැවෙනවා

    ReplyDelete
    Replies
    1. එක යායට වැව්නම මාර ලස්සනයි නේ 🌸

      Delete
  5. TriDax? ඕකෙම කහපාට මල් තනකොල අතරින් වැවෙනවා හිටු කියලා. නම ඩැෆඩිල්ද කොහෙද? පස්සෙ වේලිලා පුළුන් වගේ වෙලා බීජ හුලඟේ යනවා.

    ReplyDelete
    Replies
    1. Dandelion නේද ඒක ?ඩැෆඩිල් කියන්නෙ වෙන එකක්.අර දයාන් විතාරණ සිංදුවකුත් කියන්නෙ "සිත මා සොරා ගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ "කියල 🌸🌺

      Delete
    2. දයාන් විතාරණගෙ සිංදුවෙ තියෙන්නෙ පැඩිෆීල්ඩ් මල... ඒ කියන්නෙ ගොයම්මල

      Delete
    3. ආන්න හරි ඩැන්ඩිලයන් තමා.

      Delete
  6. ඔය මල්වලට කොත්මලේ කියන්නෙ හුලංතලා...

    ReplyDelete
    Replies
    1. ඔය මල් කිව්වෙ කොයි මලද.ඩ්‍රයිඩැක්ස් මලද...ඩැන්ඩිලාද..ඩැෆඩිල්ද..🌺🌸🌷

      Delete
    2. ට්‍රයිඩැක්ස්

      Delete
  7. පොටෝ දාලා සේප් වෙනද යන්නේ

    ReplyDelete
    Replies
    1. එහෙමවත් කරන්න එපැයි..කෝ මේ දවස්,වල අපිව උදේම මොංගල් කලේ නැත්තෙ මොකෝ පවුලූසා ඔයත්

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඉස්තලන් දමනය !!

  අද හෙනහුරා දා නොවැ.ඒ අස්සෙ අද ඇසළ පෝයත් නොවැ.ඒ විතරක්‍ යැ අද අර ශනිදා දහයට බ්ලොග් පෝස්ට් දානත් දවසැ නොවැ.ඔය මොනවා උනත් මං අද මේකේ මක්කාවත්...