සඳට බැළුම් හෙලූ අය

Feb 14, 2024

ඒකපාර්ශික !

 

 


 

සඳක් වගේ පායා හිනැහෙමින් එබී
පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී
ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී
අදත් ලියනවා මේ ප්‍රේමයට කවී

යන්තං ගැටෙද්දි යන එන මගදි ඇසේ
වත්තං කරපු සෙනහස මදහසින් හැලේ
තෙත අඩි තියා ඇවිදිනකොට හිතම වටේ
කඳුළක් වෙලා ප්‍රේමය නෙත් අගින් වැටේ

මලක් වුනත් අන්සතු උයනක සුපිපී
රසක් තිබේ නොකියූ ප්‍රේමෙක සිරවී
පවනක් වෙලා ඔබෙ කෙහෙ රැල්ලකට ඇලී
සසරක් වුනත් දුර යන්නට එයම ඇතී

ලන්ඩන් කවි

15 comments:

  1. හෑ! සතතලං ලන්ඩන් ගියාද?
    ++++++++++👌

    ReplyDelete
    Replies
    1. 🙃🙃 නෑ නෑ මේ කයිය මුලින් ලිව්වෙ ඒකට.ඕක ඔබලා බලන්න

      Delete
  2. //මලක් වුනත් අන්සතු උයනක සුපිපී
    රසක් තිබේ නොකියූ ප්‍රේමෙක සිරවී
    පවනක් වෙලා ඔබෙ කෙහෙ රැල්ලකට ඇලී
    සසරක් වුනත් දුර යන්නට එයම ඇතී/// -අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු...

    ReplyDelete
  3. අලංකාරයි පදපෙල. මට මතක් වුනේ Quote එක:
    //When an artist falls in love with you, you never die.//

    ReplyDelete
  4. ලස්සන නිර්මාණයක් සඳූ...
    ජයවේවා !!!

    ReplyDelete
  5. වැටෙන් එහා මල් පදුරේ
    ඔබ පිපී වැනේ අත නුදුරේ
    මිළින වුණත් ඝණ අඳුරේ
    මල් නෙලන්න නම් තහනම්..

    **************
    කවිය කියවද්දි මට මතක් වුණේ දයා⁣න්ගෙ සිංදුව.
    ලස්සනයි ❤

    ReplyDelete
    Replies
    1. ඔව්නේ..ඒ සිංදුවත් මෙහෙම අලකලංචියක් ගැන නේන්නම්

      Delete
  6. කෝ දැං මාසයක් වෙලානෙ අලුත් එකක් නැද්ද

    ReplyDelete
  7. Your post exudes brilliance! Insightful, well-articulated, and a true gem. Thanks for sharing your valuable perspective.

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...