2012 අවුරුද්දේ හා හා පුරා කියල මම බ්ලොග් එකට ලිව්ව නව කතාව තමයි මේ දෙනුවන් අනුහස කියන්නේ.ඒ කාලේ බ්ලොග් ලියන කියවන අයගෙන් මේ කතාවට බොහෝම ඉහල ප්‍රතිචාර ලැබුනා.ඉතින් ඒ ප්‍රතිචාරත් එක්ක මගේ තිබුන හීනයක් තමා කවදා හරි මේ කතාව මගේ කුළුඳුල් නවකතාව විදියට එලියට දාන එක.ඒක විතරයැ ඉතින් කවි පොතක් කරන එකත් ඒවගේම හීනයක් තමා. ඒකනම් ඉතින් නොහිතූ විදියට තව නොබෝ දිනකින් සැබෑ වීමට නියමිතයි. ( හා හා ඒක රහසක් වැඩි විස්තර පසුවට )
දැන් ඒක නෙවෙයිනෙ වැඩේ මගේ මේ කුළුඳුල් නව කතා මෙව්වා එක දැන් ටික කාලෙක ඉදලා මම තව කොටස් එකතු කරමින් සමහර කොටස් කපමින් සංස්කරණය කොරමින් ඉන්නෙ. මොකද ඉතින් අවුරුදුම පහකට කලින් ලියපු එකක්නෙ එතකොට මම හිච්චි එකා නෙව දැන් ඉතින් ඊට වඩා පෝ..ඩ්ඩක් පරිණතයි නොවැ. ( ඔය කිව්වට අනේ මන්දා ඒකත් ) හරි අනේ දැන් ඒකත් නෙවෙයි වැඩේ මගේ මේ දෙනුවන් අනුහස මේ දවස්වල නැගලා යන එදිරි අයියගෙ දෙවෙනි ඉනිමට පෝඩ්ඩක් විතර ළඟින් යන ගතියක් තියෙනවා.දෙවෙනි ඉනිම වගේම මේකත් මේ යොවුන් පාසල් වියේ හුරතල් කතාවක් එච්චරක් විතරක් නෙවෙයි කියාන්ඩලකො ඒකත් නෑනා මස්සිනා ලව් එකක් තියෙනවා.එච්චරද...? නෑනේ... මස්සිනාගේ නම දෙනුවන් අනී.ඔය දෙවෙනි ඉනිමේ අවන්ත වගේම සෙල්ලක්කාර එපා කරපු එකෙකුත් ඉන්නවා ඒ දෙනුවන්.හැබැයි කතාවේ අන්තර්ගතයනම් හාත්පසින්ම වෙනස් ඒ උනාට මේ අව් අස්සේ මම මේක එළියට දැම්මොත් මම දෙවෙනි ඉනිම කොපි කලා කියල කට්ටිය මාව මරන් කාවි කියන සාධාරණ මෙව්වා එකක් මට තියෙනවා අප්පා.අනෙ ඩෙයියනේ එත් ඉතින් මම මේක ලියනකොට එදිරි අයියගෙ හිතේ අහලකවත් දෙවෙනි ඉනිමක් තියෙන්න නැතුව ඇති.දැන් ඉතින් එහෙම කිව්වම කට්ටිය මට පුප්පන්න එපා මම හිතනවා කියල එදිරි අයියා අනුහස්ව මගෙන් උස්සලා කියල (එහෙමනේ අපේ කට්ටිය කොහෙන් හරි මඩ බාල්දිනේ උස්සන් එන්නේ)අනුන්ගෙන් වචන ඇහිදින්න තරම් ඒ මනුස්සයට සිතුවිලි වල අහේනියක් නෑනේ.මීට අවුරුදු ගානකට කලින් එදිරිගේ සාටරේ කියවලා මම එයාගෙ රසිකාවියක් උනේ.දැන් මම එයාගෙ සුළඟ නුඹ සහ මම පොතක් කරලා එලියට දානකන් මඟ බලන් ඉන්නෙ.
ඉතින් පින්වතුනි මම දැන් මගේ දෙනුවන් අනුහස එක පොකුරට දෙන්න හදන්නේ.මම හැමදාමත් කියනවනේ ඒ කාලේ මගේ බ්ලොග් එකේ හිටපු කියවන්නෝ පිරිස නෙවෙයි අද ඉන්නේ ඉතින් මගේ යුතුකම ඔයාලා මගේ පරණ කතා කියවන්නේ නැත්තන් කියවපිය කියලා බලෙන් ඇස් දෙකේ අනින එක.අනික ඉතින් දැන් ඔය සතියේ දවස් වල යන කසි කබල් නාට්ටිය එහෙමත් සති අන්තෙත් සුවප්නා එක පොකුරට, සදහටම ඔබ මගේ පොකුරු දෙකට කිය කිය අපිට බලෙන් පෙන්නන්නේ. එහෙම එකේ බ්ලොග් නවකතාවකුත් එක පොකුරට දුන්නම මොකෝ වෙන්නේ. හා නැද්ද..?
ඉතින් පින්වතුනි මම ආරාධනා කරනවා මගේ මේ කතාව කියවලා මට යහපත් ප්‍රතිචාර දක්වන්න කියල.ඔන්න දැන් මේක කඩාකප්පල් කොරන්න අර කඩදාසි කොලේ ලියන එකී කියාවි මම පරණ පෝස්ට් දාලා ජාමේ බේරගන්නවා කියල .නෑ පින්වතුනි මම එහෙම නෑ.