සඳට බැළුම් හෙලූ අය

Apr 2, 2012

පෙම්බර හිමිසඳුනි මගේ......

සොඳුරු යුවතිය... පතිනියක වූ දා....
විඳින ජීවිතයක සොඳුරු පෙළගැස්ම



අද ඉරිදා.....චුට්ටක් දවල් වෙනකං ඔය උණුහුමට ගුළි වෙලා ටිකක් වැඩියෙන් නිදාගන්න පුළුවන් දවස....සතියේ දවස් හතෙන් මං ආසම කරන දවස.....
ඇති තරම් කතා කරන්න.... ඇති තරම් හිනා වෙන්න මං වෙනුවෙන් මටම වෙන්වුණු දවසෙ එක තත්පරයක්වත් අහක දාන්න මම සූදානම් නෑ.පුලුවන් තරම් ඉක්මනට අපේ පුංචි ගෙදර හැම වැඩක්ම ඉවර කරල ඔයාට තුරුල් වෙලා හුරතල් වෙවී ඉන්නයි මට ඕන.
හැම ඉරිදටම ඔයා ආසම කෑමක් හදන්න මම උනන්දු වෙනව.පුංචි මේසෙ තියාගෙන සීරුවට මම එළවලු කපන දිහා ඔයා පෑන්ට්‍රි එක උඩින් වාඩි වෙලා බලාගෙන ඉන්නව.
" මම පොල් ගාල දෙන්නද...."
හිටපු ගමන් ඔයා අහනව.
" ආ...පෝ...එපා ...අද මම සේරම තනියම කරගන්නම්... ඔයා බලන් ඉන්න ..."
ඒත් ඔයා අහන්නේ නෑ දඩි බිඩියේ ලොකු ලොකු පොල් රැළි ගාද්දි මට හිනහත් යනව.ඒත් ඔයා දන්නවද.....?හදවතේ ආදරේ පිරිල උතුරනව.....සත්තයි.... ආදරේ තරමටම ජීවිතෙත් සුන්දරයි කියල මට දැනෙනව...ඔයාගේ ජීවිතේ පංගුකාරි වෙලා මම මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම ගැහැණිය වුණා කියල මට හිතෙනව...ඉතිං ඊටත් වඩා සතුටක්....ඔයාගෙන් තොර හෙටක් මට තියේවිද මේ මුලු ජීවිතේටම...
ජීවිතයේ සතුට කියා දුන් පෙම්බර හිමියනේ....
ජීවිතයේ විඩා නිවන නුඹේ සැනසුම් සෙවන ලඟ නැවතී ගිම් නිවන්නට මතු උපදින හැම සසරකම නුඹ මගේම් වී ඉපදේවා...!

ප/ ලි ... ගිය සතියේ බ්ලොග් එකට මුකුත් දාන්නවත් බ්ලොග් කියවන්නවත් මට ඉඩක් ලැබුනේ නෑ.ඒ මොකද මම අසනීපෙන් හිටියේ. උණ හැදිලා ගොඩක් අමාරුවෙන් හිටියේ.ඒ නිසා හැම සතියෙම කොටසක් දෙන්න පොරොන්දු වුන දෙනුවන් අනුහස නවකතාවෙ කොටසක් ගිය සතියේ දාන්න බැරි වුනා. ඒකට කට්ටිය මට සමාව දෙන්න හොදේ.තවමත් ඇගට කිසිම සනීපයක් නෑ. පුලු පුලුවන් වෙලාවට ටයිප් කරලා තියලා මේ සතියේ කොහොම හරි කොටසක් දෙන්න බලන්නම් හොදේ.

19 comments:

  1. ඇස්වහක් නෑ කාව්‍යා ඔයාගෙ පුංචි නිවහන හරිම සුන්දරයි..හැමදාම ඔයාලව සතුටින් තියන්න කියල ප්‍රාර්ථනා කරනව..

    දෙනුවන් අනුහස් කතාවනම් කියවල නැහැ..අද ඒකත් කියවලම යන්නම්..එතකොට ඉතිරි කොටස් ටිකට මටත් එකතු වෙන්න පුලුවන්නෙ.. :)

    ReplyDelete
  2. සුභ පැතුම් අක්කේ. ඔයා හරිම වාසනාවන්තයි..

    :)

    ReplyDelete
  3. සිත්රූ සිහින - ම් කියවලම යන්නකෝ සිත් රූ බොහොම ස්තූති ඔයාට

    වර්ණා - ස්තූති ඔයාට වර්ණා

    ReplyDelete
  4. මගේ පවුලත් ඔය විදිහටම හිතනවා ඇති කවියෝ... මොකද මම දැන් අවුරැද්දක් තිස්සේ උදේට පොල් ගානවා... පොල් ගැමේ ස්පේසලිස්ට් කෙනෙක් මම... බදින්න කලින් හිතුවේ ගැනිට පොල් ගාලා දෙන්නේ උයන්න උදව් කරන්නේ ගැණිට බය පිරිමි කියලා.. එත් එතැනදි ඇතිවෙන බැදිම පවුල් ජිවිතයකට කොච්චර දැනෙනවාද කියලා දැනුනේ බැදලා පොල් ගානකොට තමයි... මම වැඩි පුරම කැමති පොල් ගාන්න නෙමේයි.. මේක බලන අය වැරදියට තෙරැම් ගන්න එපා.. මිරිස් ගලේ ඔය මොනා හරි වැඩක් කරකොට පිටි පස්සේ ඉදන් උදව් කරන්න තමයි මමනම් අසා... ඇත්තටම පවුල් ජිවිතයේ සුන්දර බව තෙරේන්න නම් මේ ජිවිත විදින්න ඕනේ....

    ආහ්... ඔයාට මේ සතියේ අසනිපයි වේලා හිටියා කියලා තිබුනා නේද? ඔය පතිනිය වේලා මුල් කාලේ ඔහොම තමයි.. ඔය දවස්වලට ඇගට පණ නැලු.. වමනේ යනවලු.. ඇඹුල් ජාති කන්න ඕනේ ලු... ඔයාගේ හබියට කියලා ලස්සන ලමයින්ගේ පිංතුර ටිකක් කමරය පුරාම ගහගන්න... අපි මාමාලා වෙන්න යන්නේ

    ReplyDelete
  5. හරිම සට්ඨුටුයි. අජේ ත් ඔයාගේ හස්බන්ඩ් වගේම තමයි. මට හරිම ආදරෙයි

    ReplyDelete
  6. Pooh - ම් ඔව් චතු ඔයා කියන දේ හරි සමහර පිරිමි විතරක් නෙවෙයි ගැහැනු පවා හිතනවා පිරිමියෙක් උනාම උයන්න පිහන්න ගෙයක් මිදුලක් අතු ගාන්න වෙන එක මදි පුංචි කමක් කියල.පිරිමි කමට නිගාවක් කියල.ඒත් ඒක එහෙම නෑ මම හිතන විදියට විතරක් නෙවෙයි මගෙ මහත්තයා හිතන්නෙත් එහෙමයි.අපේ ගෙදර කිසිම වැඩක් එයා කරන වැඩ මම කරන වැඩ කරලා බෙදලා වෙන් කරලා නෑ.ඔයා මේක කරනන්කෝ ඔයා අරක කරන්නකෝ කියලා එයා මටවත් මම එයාටවත් අණ දෙන්නෙවත් කල යුතුමයි කියලා බෙරිහන් දෙන්නෙවත් නෑ.පාන්දරට මම උයනවනම් එයා තේ හදනවා , මට පොල් ගාල දෙනවා ,සමහර වෙලාවට එක වැඩේ දෙක කරන වෙලාවලුත් තියෙනවා, සමහර වෙලාවට අර ඔයා කිව්ව වගේ පිටිපස්සෙන් ඇවිත් උයන්න තියෙන වෙලාවේ පිස්සු නටන වෙලාවලුත් තියෙනවා.ඉතින් මේ හැම දෙම මම සතුටින් විඳිනවා මේ සතුට ඊයෙට අදට හෙටට විතරක් නෙවෙයි මුලු ජීවිත කාලෙම අපිට විඳින්න ලැබෙන්න කියලා තමා මගේ පැතුම. ඔයාටත් ඒ සතුට ඔයාගේ හාමිනා එක්ක එලෙසම විඳින්න ලැබේවා

    ReplyDelete
  7. කාජල් - හානේ මම ආසම නිලියනේ ඔයා... හැබැයි මම අජේටනම් කැමති නෑ හිකීස්... සතුටුයි මේ පැත්තට ආවට

    ReplyDelete
  8. sundara paul jeewithayak..mage hubbyth mata uyanna udau wenawa..samahara dawas walata eyaa uyalath denawa..ethakota hithata danena aadare hagim kiyanna baha...
    man kiuwa oya eka eka doglawa kanne nathuwa inna kila ko ahuwa yai hikz...

    ReplyDelete
  9. tweety - ඒකනේ ට්වීටියෝ හොට් ඩෝගෙක් කාලා අන්තිමට උනත් හැදිලා නැවතුනේ.

    ReplyDelete
  10. සුබ පැතුම් අක්කේ. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    ඉක්මනින් සනීප වෙන්න.

    ReplyDelete
  11. බට්ටි - ස්තූති ඔයාට

    ReplyDelete
  12. මට නම් හිතෙන්නේ අක්කා වගේ කෙනෙක් ලබන්න අයියා වාසනාවන්තයි.. අක්කගේ බ්ලොග් එක අයියා බලනවද?

    අසනීප අඩු වෙනකන් ඉදලා බ්ලොග් ලියන්න අක්කේ.. අසනීප එක්ක කම්පුටර් එක ලග ඉන්න එක එච්චරම හොද නෑ..

    ReplyDelete
  13. Dinesh - ම්ම් ඔව් එයාට හොරෙන් මම මේවා ලියනව එයා මට හොරෙන් ඒවා බලනවා හි හී.ඔව් මල්ලි තාම ඇගට පන නෑ කන්නබෑ

    ReplyDelete
  14. ලස්සන පොටෝව. අලුත බැදුපු යුවලක් වෙන්ට ඇති.. :)

    ReplyDelete
  15. පොල් ගාන එක තමා කට්ට...

    ReplyDelete
  16. කාවයියා අක්කි අපිට කිවුවේත් නැ අසනීප වෙලා උන්න කියලා

    බොට උයන්නත් දන්නවද අක්කේ අනේ දෙයියන්ගේම පිඋහිටයි බෝලාගේ සත්තලන්ට හිනා මට

    ගොඩක් ලස්සනයි අක්කි මේ පොස්ට් එක

    ReplyDelete
  17. sAm (සෑම්) - මෙයාලනම් අලුත් බැදලද දන්නේ නෑ මම නම් අලුත් හි හී

    ඔබ නොදු‍ටු ලොවක් - හි හී එහෙමද

    ලක්ෂ් - එකනේ ඔයා ආවෙත් නෑ ඇපල් දොඩම් අරගෙන මට

    ReplyDelete
  18. හරිම වාසනාවන්ත ආදරයක්. සුබ පතනවා. ඒවගේම කාව්‍යා අක්කගේ අසනීපෙත් සුව වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
  19. පැතුම් [සිතුම් පැතුම්] - බොහොම ස්තූති මල්ලි

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...