සඳට බැළුම් හෙලූ අය
May 11, 2012
සමුගන්නා දා...........
මෙතුවක් කල් ළඟ සිටියත්
නුඹ තේරුම් නොගත් මසිත
විසි කරන්න ඈත ඉමට
මම අහිතක් හිතන්නෙ නෑ.....
මා මේ ලොව නැති දිනයක
හදුනාගතහොත් මගෙ හිත
මෙතුවක් කල් නොවිදි දුකක්
නුඹේ හදවත වැළදගනී
සත්තකින්ම ඔය මුදු හිත
මං වෙනුවෙන් ඉකිගසාවි.....
එපා සබඳ නුඹ තැවෙන්න
මගේ නිසල දෙණ අබියස
මා මේ ලොව නොසිටියාට
නුඹ හඬනා හඩ ඇහුනොත්
හිත දැඩි කොට එහා ලොවට
යන්නට මට සිත නොදේවි.....
මගේ නිසල දෙහය මත
නුඹේ කඳුළු වැටුනෝතින්
සීතල කය උණුසුම් වී
ආයෙත් මම අවදි වේවි......
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
සුන්දර සුවබර බිනර මාසයක් වේවා ඔයාලට!💐💐💐 බොහොම අවිවේකී සති අන්තයකට පස්සෙ සදුඳාට එළිය වැටුනේ අලුත් මාසයක් එක්කමයි.සැප්තැම්බර් ඒ කියන්නෙ ...
හරිම සංවේදි නිසදැසක් කවියො... අනේ එත් මේ දලා තියෙන පිංතුරේ මේකට ගැලපෙන්නේ නැනේ.....
ReplyDeleteමම ඉස්සර ඉදන්ම මැරේන එවා සම්බන්ධ එවාට කැමති නැ..
Pooh - මේ පින්තූරෙත් හොයා ගත්තේ අමාරුවෙන් අනේ. ගූගුල් දෙයියා මට මගේ හිතට හරියන පින්තූරයක් දුන්නේ නෑ.මමනම් කැමති මැරෙන එවටමයි හි හි
ReplyDeleteහිත රිදුනා......
ReplyDeleteසිඳු - ම්ම් එහෙමද සිඳූ
ReplyDeleteම්ම්ම්ම්ම්.. දුක හිතුනා...
ReplyDeleteහිතුවක්කාරි - මගෙත් අනේ
ReplyDeleteකවිය ලස්සනයි අක්කේ... මේ වගේ කවියකට පුංචි කතාවකුත් ලියමුද??
ReplyDeleteලස්සනයි අක්කෙ.
ReplyDeleteගොඩාක් වෙලේට කවුරුහරි නැති වෙන්නම ඕනෙලු එයලාගේ අඩුව දැනෙන්න.
Dinesh - ඔව් අර ඔයා ලියනවා වගේ මටත් එහෙම හිතුනා... ඒත් කම්මැලි වගේ අනේ ඊළඟ එකට එහෙම ලියන්නම්කො
ReplyDeleteනිදහසේ නවාතැන - ඒකනම් ඇත්ත මල්ලි
ReplyDeleteමගේ සෙනෙහස මෙතෙක් වේ යැයි මනින්නට ඔබ උගෙන නැත තව
ReplyDeleteමගේ අවසන් සුසුම පමණද අවැසි ඔබහට මා මනින්නට?
අපේ පැත්තෙත් ඇවිත් යන්න එන්න :-)
http://randiyapalasa.blogspot.co.uk
අපොයි අක්කියෝ මං මල්ලියෙක් නෙමෙයි අනේ.. නංගියෙක්. ඇයිද මංදා ගොඩ දෙනෙක් මල්ලි කියනව නෙ :P
ReplyDeleteපොඩිකාලේ අද්දැකීමක් මතක්කළා,,,
ReplyDeleteඔයා හොල්මනක් වෙලා එනවද එතකොට ?
ReplyDeleteඅකුරු කෙලින් කරලා දාන්න කෝ.. අමාරුයි මට නම්..
ReplyDelete//...මෙතුවක් කල් ළඟ සිටියත්
ReplyDeleteනුඹ තේරුම් නොගත් මසිත
විසි කරන්න ඈත ඉමට
මම අහිතක් හිතන්නෙ නෑ...//
දුක,ලස්සන කවියක්....
කලාබර කිවි - බොහොම ස්තූති කලාබර ඔන්න මන් එනවා දැන් ඒ පැත්තට
ReplyDeleteනිදහසේ නවාතැන - අයියෝ එහෙමද.... හි හී ඔයාගේ මේ නම නිසා හැමෝටම ඔයා මල්ලි කෙනෙක් කියලා හිතෙනවා ඇති නගෝ
ReplyDeleteවිමුක්ති - ම්ම් එහෙමද මමත් මේක ඉස්කෝලෙ යන කාලේ ලියපු එකක්
ReplyDeletesAm (සෑම්) - හි හී ඔව් ඔව් ඔන්න කට්ටිය බය වෙන්න හොදේ
ReplyDeleteරැඩියා - මුලින්ම ස්තූති මේ පැත්තට ආවට හොදේ. ම්ම් ඒ තරමටම ඇදයිද අප්පා අකුරු
ReplyDeleteසිතුවිලි දැහැන - ස්තූති ඔබට
ReplyDeleteහෆොයි නමේ අවුලක් ද? නවාතැන් ට ෆීමෙල් වර්ශන් එක මොකද්ද අක්කෙ?
ReplyDeleteහෆොයි මදෑ හිතල හිතල නමක් දාගත්ත ඒකත් අවුල් නෙ බලද්දි : /
ඒකපාර්ශවික ආදරයක් නේද. දුක හිතෙන කවියක් ලස්සනයි අක්කේ.
ReplyDeleteපැතුම් [සිතුම් පැතුම්] -
ReplyDeleteස්තූති මල්ලි..