සඳට බැළුම් හෙලූ අය

May 11, 2012

සමුගන්නා දා...........













මෙතුවක් කල් ළඟ සිටියත්
නුඹ තේරුම් නොගත් මසිත
විසි කරන්න ඈත ඉමට
මම අහිතක් හිතන්නෙ නෑ.....
මා මේ ලොව නැති දිනයක
හදුනාගතහොත් මගෙ හිත
මෙතුවක් කල් නොවිදි දුකක්
නුඹේ හදවත වැළදගනී
සත්තකින්ම ඔය මුදු හිත
මං වෙනුවෙන් ඉකිගසාවි.....
එපා සබඳ නුඹ තැවෙන්න
මගේ නිසල දෙණ අබියස
මා මේ ලොව නොසිටියාට
නුඹ හඬනා හඩ ඇහුනොත්
හිත දැඩි කොට එහා ලොවට
යන්නට මට සිත නොදේවි.....
මගේ නිසල දෙහය මත
නුඹේ කඳුළු වැටුනෝතින්
සීතල කය උණුසුම් වී
ආයෙත් මම අවදි වේවි......

25 comments:

  1. හරිම සංවේදි නිසදැසක් කවියො... අනේ එත් මේ දලා තියෙන පිංතුරේ මේකට ගැලපෙන්නේ නැනේ.....

    මම ඉස්සර ඉදන්ම මැරේන එවා සම්බන්ධ එවාට කැමති නැ..

    ReplyDelete
  2. Pooh - මේ පින්තූරෙත් හොයා ගත්තේ අමාරුවෙන් අනේ. ගූගුල් දෙයියා මට මගේ හිතට හරියන පින්තූරයක් දුන්නේ නෑ.මමනම් කැමති මැරෙන එවටමයි හි හි

    ReplyDelete
  3. හිත රිදුනා......

    ReplyDelete
  4. සිඳු - ම්ම් එහෙමද සිඳූ

    ReplyDelete
  5. ම්ම්ම්ම්ම්.. දුක හිතුනා...

    ReplyDelete
  6. හිතුවක්කාරි - මගෙත් අනේ

    ReplyDelete
  7. කවිය ලස්සනයි අක්කේ... මේ වගේ කවියකට පුංචි කතාවකුත් ලියමුද??

    ReplyDelete
  8. ලස්සනයි අක්කෙ.
    …ගොඩාක් වෙලේට කවුරුහරි නැති වෙන්නම ඕනෙලු එයලාගේ අඩුව දැනෙන්න.

    ReplyDelete
  9. Dinesh - ඔව් අර ඔයා ලියනවා වගේ මටත් එහෙම හිතුනා... ඒත් කම්මැලි වගේ අනේ ඊළඟ එකට එහෙම ලියන්නම්කො

    ReplyDelete
  10. නිදහසේ නවාතැන - ඒකනම් ඇත්ත මල්ලි

    ReplyDelete
  11. මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි මනින්නට ඔබ උගෙන නැත තව
    මගේ අවසන් සුසුම පමණද අවැසි ඔබහට මා මනින්නට?

    අපේ පැත්තෙත් ඇවිත් යන්න එන්න :-)
    http://randiyapalasa.blogspot.co.uk

    ReplyDelete
  12. අපොයි අක්කියෝ මං මල්ලියෙක් නෙමෙයි අනේ.. නංගියෙක්. ඇයිද මංදා ගොඩ දෙනෙක් මල්ලි කියනව නෙ :P

    ReplyDelete
  13. පොඩිකාලේ අද්දැකීමක් මතක්කළා,,,

    ReplyDelete
  14. ඔයා හොල්මනක් වෙලා එනවද එතකොට ?

    ReplyDelete
  15. අකුරු කෙලින් කරලා දාන්න කෝ.. අමාරුයි මට නම්..

    ReplyDelete
  16. //...මෙතුවක් කල් ළඟ සිටියත්
    නුඹ තේරුම් නොගත් මසිත
    විසි කරන්න ඈත ඉමට
    මම අහිතක් හිතන්නෙ නෑ...//

    දුක,ලස්සන කවියක්....

    ReplyDelete
  17. කලාබර කිවි - බොහොම ස්තූති කලාබර ඔන්න මන් එනවා දැන් ඒ පැත්තට

    ReplyDelete
  18. නිදහසේ නවාතැන - අයියෝ එහෙමද.... හි හී ඔයාගේ මේ නම නිසා හැමෝටම ඔයා මල්ලි කෙනෙක් කියලා හිතෙනවා ඇති නගෝ

    ReplyDelete
  19. විමුක්ති - ම්ම් එහෙමද මමත් මේක ඉස්කෝලෙ යන කාලේ ලියපු එකක්

    ReplyDelete
  20. sAm (සෑම්) - හි හී ඔව් ඔව් ඔන්න කට්ටිය බය වෙන්න හොදේ

    ReplyDelete
  21. රැඩියා - මුලින්ම ස්තූති මේ පැත්තට ආවට හොදේ. ම්ම් ඒ තරමටම ඇදයිද අප්පා අකුරු

    ReplyDelete
  22. සිතුවිලි දැහැන - ස්තූති ඔබට

    ReplyDelete
  23. හෆොයි නමේ අවුලක් ද? නවාතැන් ට ෆීමෙල් වර්ශන් එක මොකද්ද අක්කෙ?

    හෆොයි මදෑ හිතල හිතල නමක් දාගත්ත ඒකත් අවුල් නෙ බලද්දි : /

    ReplyDelete
  24. ඒකපාර්ශවික ආදරයක් නේද. දුක හිතෙන කවියක් ලස්සනයි අක්කේ.

    ReplyDelete
  25. පැතුම් [සිතුම් පැතුම්] -
    ස්තූති මල්ලි..

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...