සඳට බැළුම් හෙලූ අය

Jul 9, 2012

දෙනුවන් අනුහස... පසුවදන





හුඟක් දවස් අරගෙන ඔන්න අද හිතුවා දෙනුවන් අනුහස ගැන පසුවදන ලියන්න.මම දන්නවා මේ පසුවදන කියවන්න බලාගෙන කීප දෙනෙක්ම මඟ බලාගෙන ඉන්නවා කියල.කතාවේ කොටසක් දෙකක් කියවද්දි ගොඩක් අය මගෙන් අහපු දෙයක් තමා මේක මගේ ජීවිත කතාවද..? එහෙම නැත්තන් මම දන්න කියන කෙනෙකුගේ ජීවිත කතාවද කියල.ඉතිං මුලින්ම කියන්න ඕනෙ මේක මගේවත් මම දන්න කියන කෙනෙකුගේවත් ජීවිතය නෙවෙයි.ආරම්භය කොහොම උනත් මේ කතාවේ අවසානය මගේ හිතේ ඇදුන සිතුවිල්ලක්ම විතරයි.කතාවක් ලියන්න ඕනෙ කියන අදහස හිතට ආවම මම ඉස්සෙල්ලම කලේ මේ කතාවේ ප්‍රධාන චරිත හතරට නම් තියන එක.පටන් ගැන්ම වගේම අවසානයත් පෙළගැස්සුවේ ඒ නම් හතර මත.

ඒත් මේ කතාවේ ප්‍රධාන චරිත හතර ඇතුලේ මගෙයි මම දන්න කියන අයගෙයි ගතිගුණ, අදහස් ,සිතුම් පැතුම් තිබුණා.මේ කතාවට ඇතුලත් කල යම් යම් සිද්ධි මගේ ජීවිතේ මම අහපුවා දැකපුවා විඳපුවා තිබුණා.මේ කතාවට ඇතුලත් කල ගම් , නගර සහ ස්ථාන පවා මගේ ජීවිතේට බොහොම සමීප තැන්.අන්න ඒ හේතු නිසාම මේ කතාව කියවපු ඔයාලට මේක යථාර්තයට බොහොම සමීප බවක් දැනෙන්න ඇති.

වෙලාවකට මම කවිති උනා, වෙලාවකට මම උත්තරා උනා , දෙනුවන් විතරක් නෙවෙයි මම අනුහසුත් වෙලා බැලුවා.එයාලව මේ කතාවේ ජීවත් කරවන්න මම මට පුලුවන් උපරිමයෙන් කැප උනා.මේ කතාවේ අවසානය කියවපු ඔයාලගේ ඇහැට කඳුළු ආව බව මම දන්නවා. මේ කතාවේ අන්තිම ලියාගන්න බැරුව මම දවස් ගාණක් ලතැවුනා ඇඬුවා.

o3 wall එකෙන් මගේ ජීවිතේට සමීප වුන සහෘදයන් මගෙන් නවකතාවක් ලියන්න කවී කියලා ඉල්ලුවම මම හිතුවේ නවකතාවක් ලියන්න තරම් මගේ නිර්මාණගීලිත්වය මදි කියල.මුලින් මම හිතුවෙ මේ කතාව කොටස් දෙකකින් ඉවර වෙන කෙටි කතාවක් හැටියට ඉවර කරන්න.ඒත් වෝල් එකේ අය ඒකට ඉඩ දුන්නෙ නෑ එයාල කිව්වෙම මේක දිගට ලියන්න කියල ඉතින් එයාලගේ බලාපොරොත්තුව තමා මාව මේ තරම් දුරක් ගෙනාවේ. වෝල් එකේ මගෙ යාලුවනේ ඔයාලා හැමෝටම ගොඩක් පින් ! ( මම එක්කෙනෙකුගෙවත් නම් කියන්නෙ නෑ මොකද එකක් හරි මිස් උනොත් මාව මරන් කන නිසා )

ඊළඟට බ්ලොග් අවකාශයෙන් මට මුණ ගැහුණ මගේ කතාවත් එක්ක දිගටම හිටිය සහ මගදි එකතු උන දයාබර ඔයාලගෙන් ලැබුන අදහස් උපදෙස් මට පුදුම හයියක් උනා.ඒ හැම දෙකටම ඔයාලටත් ගොඩක් ස්තූතී.

ඉතිං දෙනුවන් අනුහස මගේ මුල්ම නවකතාව කියවල රස විදල අදහස් දක්වල අඩු පාඩු පෙන්නල දීල මග පෙන්නපු ඔයාලා හැමෝටම වගේම කමෙන්ට් නොකලත් ඇවිත් බලල ගිය හැමෝටමත් ගොඩක්ම ගොඩක් ස්තූති.ආයෙත් ආයෙත් කතාවක් අරන් ඔයාලා හමුවට එන්න මම පොරොන්දු වෙනව.චූටි දවසක් ඉවසන් ඉන්න හොදේ.

33 comments:

  1. ජීවිතයට සමීප හින්දම වෙන් ඇති එක හදවත් සොර ගත්තේ

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම් එහෙම වෙන්න ඇති නේද

      Delete
  2. අම්මියෝ.. මම පසුවදන කියවනකම් හිටියෙ පුදුම නොඉවසිල්ලෙන්... අක්කාගෙ හිතේ ඇඳුනු සිතුවිල්ලක් වුනත් මේක, පුදුම ලස්සනට ලියැවිලා තිබ්බා අක්කෙ!!! මම ඔයාගෙ කතාවට මුල ඉදන්ම නොගිට්යාත්, මම ආයෙත් මුල ඉදන් කතාව කියවලා, හැම කොටසක් ගානෙම රස වින්දා.. ඒක පුදුම ලස්සනට අක්කා ලියලා තිබ්බා..

    ඇත්තම කතාවක සිදුවීම් ටිකක් කියලා හිතෙන තරමට, මම දෙනුවන්ට මුලදි ව්ඓර කරන්නත්, අනුහස්ට ආදරේ කරන්නත් ඊටත් පස්සෙ දෙනුවන් ගැන පැහැදෙන්නත් තරම් ඔයා මාව කතාව ඇතුලෙ අරගෙන ගියා..

    හුඟාක් ලස්සනයි කතාව අක්කේ!! තවත් එකක් ලියන්න..

    ReplyDelete
    Replies
    1. ඇයි පසුවදන කියවන්න එච්චර කලබලයක්

      Delete
    2. ඔව් ඔව් ඔයා තමා පසුවදන දානකං සිහියක් නැතුව හිටපු කෙනා ඔය්යට දැන ගන්න ඕන උනේම මේක මගේ ජීවිතේට සමීප දෙයක්ද කියලා ඒ වගේම ඔයයි මමයි එකම පැත්තක නිසා මේ කතාවේ සමහර ස්ථාන මට වගේම ඔයාටත් හුරුයි නේද? ඒ නිසා ඔයාට මේ කතාව ගොඩක් සමීප උනා.අන්තිමේදි මැදක් හරියෙදි එකතු උන ඔයා මේ කතාවේ හොදම රසිකයෙක් උනා. ඉතින් මාව දිරිමත් කරපු ඔයාට ස්තූති හොදේ.

      Delete
  3. ඔන්න ඉතින් මට නං පසුවදනේ කියන්න තියෙන්නේ බොලා කරපු වැඩේ වසම වස කැතයි කියල තමයි..ඇයි හත්වලාමේ අරුව මරල අර තාරාව මහන කොරේ..කිව්වා නම් මම තාරාව බාරගන්න්වනේ...ඒ කොහොම උනත් අක්කි ඔයාට ගොඩක්ම පින් ලස්සන කතාවක් අපිට දුන්නට.ඉක්මනටම තවත් එකක් දෙන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා...ඒ වගේම මේ කතාව ලගදීම පොතක් විදියට අපිට දෙන්නත් ඔයාට පුළුවන් වෙන්න ඕන...

    ReplyDelete
    Replies
    1. ඒක තමා මට තාරව බොලාට දීල නිදහස් වෙන්න තිබුනා අප්පා. ඒත් තාරා ඔයා වගේ හිඹුටෙක්ට කැමති වෙන එකක් නෑ කියලා හිතුවා... හික්z

      Delete
    2. අනේ දුප් යන්න...වැරදිලා තියෙයි මම වගේ හැඩකාර කටකාර විසේකාර කොල්ලෙක්ට සෙට් උනොත් ඒකිට..

      Delete
  4. හ්ම්ම් කතාවේ අන්තිම හරියේදී මේක මට හම්බුනේ.. පුළුවන් හැම වෙලේම කියෝගේන කියෝගෙන ගියා..හරිම ලස්සනය්..බලනකොට කවිතිත් ඉඳල තියෙන්නේ අපේ ගෙවල් පැත්තෙනේ..එක හින්ද තවත් සමීපය් වගේ දැනුන..ලස්සන කතාවක් නංගි.. ඔයාගේ කවිත් ඒ වගේම ලස්සනය්..ආඊ තව එකක් ලියනකන් බලන් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ස්තූති ඔයාට අදමද කොහෙද නේද මම ඔයාව දැක්කෙ

      Delete
    2. නංගි??හික් හික් මෙහෙම හිටියට කවියට දන 58 ක්

      Delete
  5. මාරම ලස්සන නිර්මාණයක් අප්පා කොහොම එහෙම චරිත වලට පණ පෙව්වද කියලා හිතාගන්න බැ.... ඔයා මාර දක්ෂයි ඈ... මේකෙන් නවතින්න දෙන්න බෑ තව කතාවක් ලියන්න හොඳේ අනිවාර්යෙන්... මම අන්තිමට එකතු වුනත් ඒක එක අතකට වාසියක් වුනා එකදිගට කතාව කියවන්න කුතුහලයක් නැතිව.අන්තිම කොටස් දෙක තුන එනකන් තමා බලානෙ ඉන්න වුනේ....

    ජය වේවා අක්කේ.... o3wall එකේ කස්ටියට පිං දෙන්න ඕනේ ඔයාව දිගටම ලියන්න පෙළඹුවට.. ම්ම්ම් ඊළඟට මේක පොතක් කරනවද නැද්ද???

    ReplyDelete
    Replies
    1. ස්තූති මල්ලි ඔයාටත් හැබැයි ඉතින් මාව වර්ණනා කලාට ඔයාට තියෙන හැකියාව ලිවීමට මට වඩා ඉහළයි හොදේ.

      Delete
  6. අපිත් ඉතින් මගදී කතාවට එකතු උනාට මුල ඉඳන් ඔක්කොම ටික බැලුවා. :) ඇත්තටම ලස්සනට ලියලා තියෙනවා කාව්‍යා. ඇත්තම කතාවක් නම් නෙවේ වෙන්න ඇති කියල මටනම් හිතුණා. එත් කියවන්න අසා හිතෙන්න ඔයා ලියනවා.ජය වේවා....!!!

    ReplyDelete
    Replies
    1. ස්තූති අලුත් බුවා ඔයා වගේම මගදී තමා මේ කතාවට ගොඩක් අය එකතු උනේ.

      Delete
  7. ආවේ අදමය. ඇඩෙන නවකතා කියවන්න අකමැති හින්දා නවකතාව නම් බලන්න හිත දෙන්නේ නැත. ;( සමාව ඉල්ලමි ය.

    ReplyDelete
    Replies
    1. ඔන්න සමාව දුන්නා එහෙනම්, හැබැයි මෙහෙට පැමිණීමට ස්තූති, මේ ඔය කියන තරම්ම ඇපල් ලාභද අප්පා?

      Delete
  8. මේ බලපල්ලා අපිට පින් දීලා හොදයි හොදයි කාවයියා හ්ම්ම්ම් හ්ම්ම්ම්
    දැන් මට එදා පොරොන්දු උණු විදිහට අනිත් එක ලියහන් හරිය

    සුබ පැතුම්
    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා අක්කියා

    ReplyDelete
    Replies
    1. හරියෝ ටිකක් ඉවසන්ඩෝ දෙන්නම් හොදේ

      Delete
  9. ආ.. අරං එමුකෝ බලන්න.. :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  10. ලස්සනයි ලියන විදිහ ඔයා යාළු!!:)

    ReplyDelete
  11. හප්පේ මේමේ මැදකදි මම වද උන තරමක්.. :) අක්කට මතක ඇතිනේ..

    තව එකක් ලියමු... :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මොකද මට අමතක. ඔයා තමා වෝල් එකේ මගෙ යාලුවො ඇරුනාම මේ කතාවේ මුල ඉදන්ම හිටිය රසිකයා. කතාවේ විතරක් නෙවෙයි මේ බ්ලොග් එකෙත් ඉතින් ඒකට ඔයාට ගොඩක් ස්තූති

      Delete
  12. ලස්සනයි අක්කේ...

    ReplyDelete
  13. මුල ඉදලම ඔයාගේ රසිකයෙක් වුන මට, ඔයාගේ නිර්මාණ වලින් මම දැක්ක හොදම නිර්මාණය මේ කතාව තමයි.. එකේ දෙකක් නැ..එක කොටසක් කියවද්දි එක චරිතයටකට ආදරය කරලා කතාව හිතෙන් මාවා ගත්තා. එත් අනිත් කොටස කියවන කොට තව චරිතයකට ආදරය කලා. එත් අවසාන වේනකොට කතාව සම්පුරණයෙන්ම වෙනස්. මගේ ජිවිතේ කියවපු කතාවලින් වෙනස්ම අවසානයක් තිබුන කතාව මේක. ඒ අවසානෙත් කවදාවත් නොහිතපු අවසානයක්.
    ඔයාට මේච්චර ලස්සනට ලියන්න පුලුවන් කෙනෙක් කියලා කවදාවත් හිතුවේ නැ. ඒවගේම එ ලියපු කෙනා මගේ යාලුවෙක් වේයි කියලත් හිතුවේ නැ. මේ වගේම වෙනස් වෙනස් කතා ගොඩාක් අපට කියවන්න දෙන්න කියලා මම අහිංසක විදිහට ඉල්ලනවා.
    ඇත්තටම ඔයාගේ නිර්මාණය සාර්තකයි.. මේතුවක් කල් දාපු කමේන්ට් වලින් ඔයාගේ හිත රිදුනානම් මේ වේලාවේ සමාව ඉල්ලනවා. එහෙනම් ජයෙන් ජය.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පූ මම හිතුවට වැඩිය මේ කතාව සාර්ථකයි මේ කතාව යන අතර මගදි පුද්ගලිකව මූණු පොතේ චැට් කරලා මගෙන් කතාවේ අන්තිම ගැන අහපු , අනුහස්ට අසාධාරණයක් කරන්න එපා කියපු , අනිත් කොටස එනකන් නොඉවසිල්ලෙන් හිටපු , දෙනුවන්ට බැනපු ,අනේ කවී අවසානය දුකක් කරන්න එපා කියපු, කොටසක් පරක්කු වෙද්දී ඉක්මනට දන්න කියලා මට තර්ජනය කරපු කට්ටිය මහ ගොඩක් හිටියා.එයාලා මේ කතාව එයාලගේ ජීවිතේ කොටසක් කර ගත්තා.ඉතින් ඒ හැම දෙ ගැනම හිතද්දී අද මට අහිංසක සතුටක් දැනෙනවා ඉතින් ඒ සතුටේ කොටසක් අනිවර්යෙන්ම ඔයාගේ එකවුන්ට් එකට යනවා මොකද මේ කතාව මේ තරම් දුර ගෙනාවේ ඔයාගේ කීමට මගේ කම්මැලිකම පැත්තක දාලා මම ලියන්න ගත්තේ ඔයාගේ යෝජනා සහ තර්ජන ගර්ජන මැද.මම ඉතින් ඒකට ඔයාට මොනා හරි දෙන්නත් ඕනෙනේ ඒ නිසා ඉඩ තියෙනව වෙලාවක ගිහින් කානිවල් එකෙන් අයිස් ක්‍රීම් එකක් කන්න.අයේ හම්බුන වෙලාවක මම සල්ලි දෙන්නම් හොදේ... හි හී

      Delete
  14. chutti dawesak wath inne bariyooooooooo.. ikmnate kathawak liyanekooooooooooooooooooooooo :P :P

    ReplyDelete
  15. සුභ පැතුම්! තව එකක් ලියන්නකො එහෙනම්.. අපි එන්නම් බලන්න...

    ReplyDelete
    Replies
    1. ස්තූති ... අනිවා ලියනෝ... ඇවිත් යන්න හොදේ

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...