සඳට බැළුම් හෙලූ අය

Jun 13, 2018

නාරී !



ස්වේත පංකජ කැකුලු පෙති අග
තවරලා හසඟන තුඩූ
නග්න සානුව දෙපස හෙමිහිට
උස් පහත් වෙන ඒ කඳූ

පහල සීතල ගලා හැලෙනා
නිම්නයේ හරි මැද තැනූ
සිගිති පොකුණකි නොරැදි මුත් දිය
දිව'ග මත අම මී පිරූ

මදාරා මල් සුවඳ මුවරද දෙතොල්
පහසින් කිති කැවූ
ගුල්ම වන ගැබ පිපිණු කටරොලු මලකි
දුටුවන් දණ නැමූ

පිරුණු ඇත් දළ පැහැය පිරි දඟ
යුග්ම මත ඔකඳව තුණූ

යහන් සදනා විටෙක හිමි හට
වෙසඟනක වේසය ගත යුතූ

35 comments:

  1. Replies
    1. එච්චරයිද සර් ? හා කමක් නෑ .. ස්තූතියි

      Delete
    2. අනිත් එව්වා කිව්වොත් සෙන්සර් බෝඩ් එකෙන් කැපෙනවනේ සඳා...ඔය මදෑ...😂

      Delete
    3. සෙන්සර් බෝඩ් එකට බයේ ලියන්න කියන්න හැකිද අප්පා...

      Delete
  2. සසළ සුසිනිදු සළු කලම්බන තිසරයෝ රඟදෙන්නෙ බේරී
    උදුල සඳවත සැඟව කෙලෙසක ඉන්නෙදෝ දෙනෙතකට බේරී
    තුමුල මසිතම පහස විඳුමට තවත් ඉවසනු නොහැක පෑරී
    නිසල නොමවන මිහිරි රතියක රඟන්නයි මේ මොහොත නාරී......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. සඳේ සළුවෙන් වසාගෙන උන්
      හැඩ පෙනෙද්දී බේරි බේරී
      බඳේ ගෝමර හිනාවෙනු ඇත
      පිණි දියෙන් තෙත නෑවි නෑවී

      වදේ බිඟු කැල ගුම් නගද්දී
      නෙළුම් කැකුලෙන් පෑරි පෑරී
      මදේ මදරද මලවි කරලියෙ
      සරාඟී රස දේවි දේවී...

      Delete
  3. අම්මෝ මේක .......

    මට බෑ සාන්ත


    - -- - - - -- - - - - -- - -- - - - -- - -

    ගී පද රචනයකට නම් මාරු .

    කියලා වැඩක් නෑ පට්ට ! එච්චරයි

    ReplyDelete
    Replies
    1. හා... ඒමද ... සාන්ත.... අගේ කිරීම වටිනවා... ඒත් ගීතයකට තරම් ගීතවත් නෑ නේද මේක....

      Delete
    2. ගීතවත්........... ගීපද පෙළක් වෙනුවෙන් හොදයි හොදටම

      Delete
  4. https://gadyanohothkavi.blogspot.com/2018/06/blog-post_58.html

    ReplyDelete
    Replies
    1. හප්පා... පත්තරේටත් ගිහින් නොවැ... ස්තූතියි අයියේ....

      Delete
  5. හැදිලා ඉවරයි.. :)

    /වැතිරෙනා මොහොතක සමඟ හිමි සඳ
    වෙසඟනක වේසය ගත යුතූ/ මෙතන පොඩ්ඩක් රයිම් අවුට් ගිහින් වගේ..
    වැතිරෙනා මොහොතක සමඟ හිමි..
    වෙසඟනක වෙස් ගත යුතූ.. වගේ උනා නම්...

    ReplyDelete
    Replies
    1. පොඩී අවුලක් දැනෙනවා තමා... ඔය පද දෙකම අයින් කරලා වෙන පද දෙකක් ලියන්න හිතුවට ලිය උනේ නෑ...එහෙම ලිය නොවෙච්ච නිසාම මේක තමා හරි යනම පද .... එහෙම හිතුනා.


      හැදිලා ඉවරයි කිව්වේ ... මමද .... හි හී

      Delete
  6. උඩ කවි පද හරිම ලයාන්විතයි. අන්තිම කවිය ටිකක් ගොරහැඩි වෙලා.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඔව් එහෙම දැනෙනවා ... ඒත් ආයෙ ලියන්න බෑ වගේ.... ස්තූතී හැලප තුමෝ ඇගයීමට

      Delete
    2. මෙහෙම ලිව්වොත් කෝමද හැලපේ....?



      පිරුණු ඇත් දළ පැහැය පිරි දඟ
      යුග්ම මත ඔකඳව තුණූ

      යහන් වදිනා මොහොතේ හිමි හා
      වෙසඟනක වේසය ගත යුතූ

      Delete
    3. ආ ඔය තියෙන්නේ... නියමයිනේ ආකියෝ

      Delete
    4. වේසය නොකියා වෙස කිව්වනං පොඩි ගැලපීමක් තියෙනවා.

      Delete
  7. ගොඩක් දේවල් කවි වලින් කියන්න පුළුවන් නේද?? විනීතව සොදුරු අයුරින් කියලා තියෙන්නේ. ගොඩාක් ලස්සනයි සදු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාට මේ ඇගයීමට

      Delete
  8. ආයෙත් නියමම කවියක්

    "පිරුණු ඇත් දළ පැහැය පිරි දඟ
    යුග්ම මත ඔකඳව තුණූ
    යහන් සදනා විටෙක හිමි හට
    වෙසඟනක වේසය ගත යුතූ''

    පිස්සු නේ...මෙව්වා ඇවිල්ලා පට්ටම කවි හොදේ....

    ReplyDelete
    Replies
    1. //නග්න සානුව දෙපස හෙමිහිට
      උස් පහත් වෙන ඒ කඳූ// මේ කවි වලට පුළුවන් හිතේ චිත්‍රපටි මවන්න.

      Delete
    2. හම්මේ.... ස්තූතියි ඉතින්......

      Delete
  9. මට මේ කවි පෙළ කියවන විට මතක් උනා පැරණි සිද්ධියක් දැනට වසර හැටකට පමණ ඉහතදී SSC පන්තියේ සිටිද්දී සිංහල සාහිත්‍යයට අපට තිබුණේ හංස සංදේශය.මේ ඒ කාලයේ ලංකාවේ හොඳම මධ්‍ය විද්‍යාලයය. අපට සිංහල ඉගැන්නුවේ රටේ නම් දැරූ වියත් ස්වාමින් වහන්සේ නමක්. හංස සංදේශයේ දියකෙළි වැනුම කවිවල තිබෙන 'මිනිමෙවුල' ගැන වැඩි විස්තර අසා (අඳින පළඳින ආකාරය) හොඳ ටොක්කක් කන්නට සිදු උනා.

    ReplyDelete
    Replies
    1. හරි අපූරු සුන්දර මතකයක් නේ.... ස්තූතියි මෙහෙ ආවට... රසවින්ඳාට

      Delete
  10. අම්මෝ සද මට සද මෝල් උනා මේක කියවලා සුපිරි හරිම සියුම්ව බස හසුරවල තියනවා පංකාදු පහයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නෙල්ලි ආවට... කමෙන්ට් කලාට... ඇගයීමට

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...