සඳට බැළුම් හෙලූ අය

Jul 26, 2018

ප්‍රේමයේ ඇඳුරාණෙනී !






අයිලයට වැටෙන මල් තුහිනයට
හීතලට ගැහෙනවා තුන් හිතම
නිම්නයේ පොප්ලර් ගස් යුගල
හාදු දෙනවා පෙමින් උනු'නුන්ට
කහ පාට මල් පිපුණු මල් යාය
එදා වාගෙයි අදත් සඳපාන

දුයිෂෙයින් මගේ ආදරණීය........
දුව ඇවිද අයිලයේ හතර අත
මම තවම හොයනවා නුඹෙ සුවඳ

වසන්තය එන වගට සත්තකයි
කියා නුඹ නේන්නම ගොස් කොහෙද
හිම කැටිති මිදෙන ඝණ කලුවරට
කියන්නද නුඹට බැදි පෙම තරම
කඳු නිම්න ගිරි ශිඛර දෙදරන්න
කෑ ගසන්නද ඔබට දැනගන්න

දුයිෂෙයින් මගේ ආදරණීය........
ජීවිතේ කියා දුන් ඔය හිතට
ආදරෙයි තාම මම පණ සේම

21 comments:

  1. ලස්සනයි සඳූ....
    අලුත්ම ආරක් වගේ....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී... අලුත් මේක පරනයි

      Delete
  2. ෂා .... හරිම ලස්සනයි !

    ReplyDelete
  3. නොනේරෙන වචන ගොඩයි....😂

    ReplyDelete
    Replies
    1. ගොඩක්...? මොනාද ඒ..? මේ ගුරු ගීතය පොත කියවලා හිතට දැනුන හැඟීමක්...

      Delete
  4. අල්තිනායි පෙම් කරද..!!! වෙනස් ලස්සනයි..... මගෙත් පෝස්ට් එකක් තියේ මේ වගේ... ඉන්න මං ලින්ක් එක දාන්නම්..https://worldofaru.blogspot.com/2016/11/blog-post_74.html?m=1

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ... මම බලන්නම් ඒකත්

      Delete
  5. "අයිලයට වැටෙන මල් තුහිනයට" අපුරු වචන ටික . අමුතුම ලස්සනක් තියනවා සදු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාටත්..... ඒ ඇගයීමට

      Delete
  6. කොච්චර ලස්සන කතාවක් ද... පළවෙනි පාර කියවෙනකොට මැවිච්ච අයිලයේ රූපය තාම හිතේ තියනව...

    මාත් ඒ කාලෙ ඉස්කෝලෙ මිස් කෙනෙක් එක්ක ගුරු ගීතයක් ලියන්ට හැදුව... මිස් කැමති උනේ නෑ නෙව... :(

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...