සඳට බැළුම් හෙලූ අය

Oct 14, 2018

කාන්තාර කුසුම !




අතැ'ර දැමූ නිස්සාර බිමක
ඉඳහිට පිපෙන
දුශ්කරම මලකි මම !

ඉසියුම්ම සුවඳ ඉඹින
කාන්තාර සුළඟ නුඹ
මට ග්ලැසියර සීතල ගෙනෙන !

අහා...

කොයිතරම් මිහිරිද
ඔබට මා මට ඔබව
ස්පර්ශ වෙන තප්පරය
සත්තමයි විඳිමි විඳවමි ප්‍රේමයම !

13 comments:

  1. හරිම ප්‍රේමණීයයි.

    ReplyDelete
  2. ඉඳ හිටවත් වැටෙන වැස්සක වතුරෙන් පෝශණය වී සුලඟ පෙම් බඳින කාන්තාර මල්

    ReplyDelete
    Replies
    1. ඔව්...ඒකමද මන්දා මේ මල් මෙච්චරම හැඩ

      Delete
  3. ලස්සනයි සඳූ.

    ජයවේවා!!!

    ReplyDelete
  4. කාන්තාරේ මල් පරාගණය වෙන්නෙ හුලගින්...හුගක් වෙලාවට... ඒකද මේ විදිමි විදවමි කියන්නෙ? නෑ එහෙම අහල කවියකට කමෙන්ට් කරන එක හරි නෑනෙ හිතයි මම කවියක් රස විදින්ඩ දන්නෙ නැති එකෙක් කියල. හැබැයි ඉතිං කාන්තාරෙ මල් ගැන වෙන මොනව අහන්ඩද? ඒ කියන්නෙ මොකුත් නොඅහම ඉන්ඩද? ඒකත් හරි නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ ඔහොම අහන එක හොදද මම අහන්නේ....

      Delete
  5. විඳිවමින් විඳිම ප්‍රේමයමැයි .

    ReplyDelete
  6. හරිම ලස්සනයි පරිකල්පනාව...

    ReplyDelete
  7. මල ලස්සන උනාට නටුව හරි රුදුරුයි නේද??

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...