සඳට බැළුම් හෙලූ අය

Dec 7, 2018

මේ හිත නුඹට ලියා දී ඇත !




නොරිදන්න රිදවන්න
සනහන්න හඬවන්න



මේ හිත
නුඹට ලියා දී ඇත

ළඟ ඉන්න හැරයන්න
යලි එන්න නවතින්න

මේ හිත
නුඹට ලියා දී ඇත

පිරිමදින්න පාරවන්න
කොනිත්තන්න හාදු දෙන්න

මේ හිත
නුඹට ලියා දී ඇත

තනි මකන්න තනි කරන්න
හුස්ම ගන්න හුස්ම වෙන්න

මේ හිත
නුඹට ලියා දී ඇත

20 comments:

  1. මීට , පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව :D

    ReplyDelete
    Replies
    1. නෑ මේක හදවත් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව... හි හී

      Delete
  2. රහයි .... මේක ලියැවිල්ලකට දීපු අළුත් අර්ථකතනයක් ....

    ReplyDelete
  3. ම්ම්. අලුත් අලුත් අදහස්.
    ජයවේවා !!!

    ReplyDelete
  4. සින්නක්කරවද ජීවිත භුක්තිය තියාගෙනද?

    ReplyDelete
    Replies
    1. ජීවිතේ බුක්ති විඳින්න සින්නක්කරවම ලියනවා

      Delete
    2. මාර උත්තරේ...කවිය වගේම රහයි...එක්සලන්තේ!!!!

      Delete
  5. ඔයාටත් හිතෙන දේවල් සදු.

    ReplyDelete
  6. ඒකනේ මේ තරම් හිමිකමක්, අවැසි දේ කරන්න ඔබට

    ReplyDelete
  7. ඕන් ආවා කාලෙකින්...ඔයාගේ රොමෑන්ස් කියවන්න.

    ReplyDelete
    Replies
    1. අම්මො සතුටුයි....ලියන්නත් පටන් ගමුකෝ ඔහොමම

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...