සඳට බැළුම් හෙලූ අය

Jan 26, 2018

සඳලියේ නුඹ කෝ කොහේ !






දුරුත්තේ සඳ  ඇවිත් හිමිහිට
කොට්ටං කොල අස්සෙන් එබී එබී
ඇයි හිනාවෙන්නෙ මා එක්ක මේ හැටිම...
පැලේ පිල උඩ තනිවෙච්ච මට
උඹේ සුවඳ මේ හැටිම දුර බව
දැන දැනද  මේ තරමටම  සරදම...

පාලු දෙනිපෙත පවා අවදිව
නුඹ කොහේදැයි විමසන වෙලේ
ඉතින් මට තව නොකර ඔච්චම්
කියාපන් නුඹ කෝ කොහේ...

හල හලා මල් සුවඳ  සඳලිය
තාරුකා ඇහැරෙන වෙලේ
මගේ හිත මත සැතපියන්
මං තනිවෙලා මගෙ අසපුවේ...

26 comments:

  1. පෑලවියේ හීතල හඳ ඇවිත් මගේ තනි රකින්න .. වෙලේ හඬට උණ පඳුරේ වැනියන් මට බලා ඉන්න.. කාගෙත් දුකට හූමිටි ලන උලලේනෝ පලා යන්න.. මගේ තනිය ලඟට වරෙන් තුරුළු වෙලා නිදා ගන්න ....

    ReplyDelete
    Replies
    1. බඩවැටියේ දිගේලි කල
      සඳ වතුරේ සුව විඳින්න
      රෑ තිස්සේ ඇහැරෙන වනමල්
      ගොමුවේ මේ අහන්න
      ඈ එන්නෑ කවදාවත්
      මගෙ පපුවේ හිස තියන්න
      රැහැයියනේ ගයපන් තව
      දුක් ගී ඈතට ඇහෙන්න

      Delete
  2. පටන් ගන්නකොට පැලේ පිල ඉවරවෙනකොට අසපුවක් උනා එහෙනං...!
    තපස් දම් රකින්න ගිහින්ද මන්දා...!

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් ඔයා ආකියෙක් වෙච්චි පැලක් අසපුවක් කරගන්න මහ වෙලාවක් යනවයැ.අනික මේ සඳ ලියූ කවි නෙවේ සඳට ලියූ කවිනේ.වෙන කෙනෙකුගේ ඇසින් සිතින් බලා ලියූවක් සමහර විට ඔය අසපුව කිව්වේ හිත් අසපුව වෙන්නත් බැරි නෑ...

      Delete
  3. Replies
    1. මමනම් අදහස් කලේ මිහිමත පාලුවට ගිය තැනක් කියන අදහසින් දෙනිය , ලන්ද වගේ අපි ඔය ගමේ යම් යම් තැන් වලට කියන්නේ... වනපෙත කියනවා වගේ දෙනිපෙත කියලා කිව්වා. වෙන තේරුමක් තියෙනවද කියලත් දන්නෙ නෑ .. බලමු යාත්‍රා හොයල කියන්නම් මම එහෙම උනොත්

      Delete
  4. මොන තරම් අපුරුයිද ඒ හැඟීම

    ReplyDelete
  5. රැළේ සිහිලැල් වළාකුළු ගැබ සැතපෙනා මුදු සඳලියේ
    සැලේ නිබඳව මාගෙ මතකය ඇගෙ නමින් වෙන්වී තියේ
    පිලේ වැතිරි රැහැයි කළබල අතර පාළුව නිමි නොයේ
    දිළේ ඇගෙ රුව ඈට ඒ වග පවසපන් සුදු සඳලියේ....

    ලස්සනයි සඳූ...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. පැලේ පිල උඩ මැණික හා රන්
      නුරාවෙන් වෙලෙනා වෙලේ
      දන්නවා මගෙ සෙනෙහෙ දුර බව
      සැලේ කඳුළක් නෙතු දිගේ

      තබා තුඩ තුඩ පොවා අමරස
      නිවා ගිනි ඇවිලෙන ගතේ
      ඉතින් ඈ සනසවද්දී නුඹ
      මගේ සෙනෙහස කොහි ගියේ

      Delete
    2. නුරාව මැනිකගේ රන්
      නොපැතුවමි මං සඳලියේ
      නුරාව වෙනුවට නුඹ දුන්
      දයාව දෝර ගලා ගියදා
      පිලේ තනිය මකන්නේ
      නුඹමැයි සඳලියේ...!

      Delete
    3. මුවින් නොකියන හිතේ සෙනෙහස
      මහ මෙරක් බව දන්නවා
      කොහේ කොතැනක ආව ගිය මුත්
      ඔය හිතේ මම ඉන්නවා...
      සඳ හුඟක් මහ ඈත පිපුණත්
      සඳේ සිසිළස දැනෙනවා
      ඒ වගෙයි මං කොහේ උන්නත්
      නුඹේ ඇස් වල නිදනවා...

      ( ස්තූතියි මේ ලස්සන සිතුවිල්ලට ආකී )

      Delete
  6. අහිමි ආදරේ කොයි තරම් නම් ඇඩුවත් අපට ලැබෙන්නේ නෑ සදූ..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම් ඔව් නේද ..... ස්තූතියි මෙහෙ ආවට ඔයාට

      Delete
  7. පාලු දෙනිපෙත පවා අවදිව
    නුඹ කොහේදැයි විමසන වෙලේ
    ඉතින් මට තව නොකර ඔච්චම්
    කියාපන් නුඹ කෝ කොහේ

    ***

    මදුරුවන් තල තලා මම
    වෙන කොහේවත් නෙවේ ...
    පෙන්නේ නැද්ද සොදුරියේ මම
    පැයක් තිස්සේ කොට්ටං ගහේ ......

    ReplyDelete
    Replies
    1. මදුරුවෝ ඉවසතෑකී කළන...හෝහපුටුවෝ තමා කේස්...😂

      Delete
    2. හී හී කළණ ඒක නියමයි...

      හෝහපුටුවෝ කියන්නේ මොක්කුද ආකී

      Delete
    3. හෝහපුටුවන්ට...😂

      Delete
    4. අනේ ඇත්තද ඉස්තූතියි දැණුවත් කිරීමට... ගර්....ර්...ර්

      Delete
  8. මොකෑ වැටවල් ගහන්නේ?? කොමෙන්ටුවක් දාන්ඩ බැරියෑ.....

    ReplyDelete
  9. @chef-architect - හේ හේ හේ .. එක තමයි chef-architect . වට කරලනේ ප්‍රහාරය එල්ල කරන්නේ . අනික පව් පිං කෙසේ වෙතත් මරන්නත් බෑ .

    @සොඳුරු සඳවතී - හේ හේ හේ ... තුති වේවා සඳ . මම හිතුවේ මේක කියවල තරහ ගියද දන්නේ නෑ කියල . වැඩේ කියන්නේ ඔහොම හිතුනේ කොමෙන්ටුව පොස්ට් කරලා ටිකකින් වගේ . මම දාන කොමෙන්ටු මකන්න කැමති නැති නිසා එහෙම්මම තිබ්බ . :D

    ReplyDelete
    Replies
    1. මොකට තරහා ගන්නද අනේ.... දාන කමෙන්ට් මකන එකනම් නරක පුරුද්දක් තමා... මේ ළඟදි මම එහෙම එකක් මකලා ජීවිත කාලෙටම ඇති වෙන්න වගේ බැනුම් ඇහුවා හී හී

      Delete
    2. හේ හේ හේ . එහෙනම් ඉතින් කමක් නෑ තරහ ගිහිල්ල නෑ නේ ! :D

      Delete
  10. පාඩමක් උගන්නන්නත් එපැයි

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...