නිසල්....
ඔයාව හමුවෙන තුරුම ,ඔයාට ආදරෙයි කියන තුරුම මං දැනගෙන උන්නෙ ඇස් තියෙන්නෙ බලන්න දකින්න විතරයි කියල.ඇස් වලින් හිනාවෙන්න,ඇස් වලින් කතා කරන්න විතරක් නෙවෙයි ඇස් වලින් හාදු දෙන්න ,සිපගන්න පුලුවන් කියලත් මම දැනගත්තෙ ඔයාට ආදරේ කරල...ඔයාගෙ ආදරේ විඳල...ඔයාට තිබුනෙ ළා දුඹුරු පාට දිලිසෙන ඇස් දෙකක්.ඒ ඇස් මගේ ඇස් වල හැප්පුන මුල්ම අවස්ථාවෙ මං අයිස් කුට්ටියක් වගේ ගල් උනා...ඇහිපිය සැලෙන තත්පරේට ඒ අයිස් කුට්ටිය ගිනි කන්දක හැප්පුනා වගේ දියවෙලා වැගිරුනා...ඔයාගෙ කතාකරන හිනාවෙන ඇස් ඉස්සරහ ඇත්තටම මට මාව අමතක වුනා. ... ඔයාගෙ ඇස් වශීයක්...ඉනාවක්...අතින්වත් නාල්ලා දුර ඉදන් ඇස්වලින් විතරක්ම මගේ සියොළඟම එක බැල්මකින් ඉඹින්න ඔයාට තිබුනෙ මායාකාරී හැකියාවක්.
දන්නවද නිසල්....
අපි කෙනෙකුට මුලින්ම කැමති වෙන්නෙ,ආස වෙන්නෙ,ආදරේ වෙන්නෙ ඒ කෙනාගෙ පිටින් අපි දකින මොනවම හරි දේකට.එහෙම බලද්දි මං ඔයාට ආදරේ වුනේ කැමති වුනේ ඔයාගෙ අත් අකුරු වලට ආස වෙලා..ආදරේ හිතිල.ඊට පස්සෙ මං ඔයාට ආකර්ශනය වුනේ...ප්‍රේමණීය වුනේ...ඔයාගෙ දොඩමළු මනමාල ඇස් දෙකට වශී වෙලා.
ඉතින් ..ඔයා දන්නවද දන්නෙ නෑ..
තාමත්...ඔව් තාමත්...ඒ හීන් දිගැටි වාත්තු කල අත් අකුරු වගේම ඒ ළා දුඹුරු මනමාල ඇස් දෙකත් මාව සමහරක් දවසට රාත්‍රිය පුරා අවදියෙන් තියන බව.
* * * * * * * *
කෝපි මලක් වගේ සුදට
හිමිදිරියෙම හිනාවෙන්න
දෙනෝදහක් යනෙනා මඟ
දුරින් ඉඳන් බලා ඉන්න
සුදු ගවුමට වහං වෙච්ච
හිත ගැහෙනා හැටි අහන්න
සුවඳ කවපු සෙනෙහෙ පතක
හාදු සළකුණක් තියන්න
කල්පයක්ම පෙරුම් පුරා
ඇසිල්ලකට රුව දකින්න
සියක් පිරිවරක් මැද්දෙත්
මල් උයනක සිරි මැවෙන්න
නුරා පිරුණු තරු ඇස් දෙක
ළඟ තත්පරයක් මියෙන්න
ඔබ එනවද එක දවසක
අතීතයේ ඇවිද යන්න....
++++
ReplyDeleteමේ වැටට ස්තූතියි ඉයන්...
Delete+++++++++++👌🙏
ReplyDeleteආ ..මේකත් වැටක්....හොදා හොදා..ස්තූතියි බසූ..
Deleteඑහෙම වැටක් දිගේ ලිස්සල යන එක හරි නෑ කියල හිතුනා🤭 . කවිය හරියම කියවල රසවින්දෙ දැනුයි. නියමයි. ඉන්ටනෙට්, මොබයිල් වලට පෙර යුගයක සොඳුරු ආදර කතාවක්.👌🙏
Deleteස්තූතියි බසූ ඒ අදහසට
Deleteමේ සැරේ කවි ලියන ඇත්තෝ ඔක්කොම වගේ අතීතයට ගිහිල්ලා. අපිවත් අරන් යන විදියට ලියවිලා තියනවා.
ReplyDeleteඔව් මටත් ඕකම හිතුනා..ස්තූතියි මෙහෙ ආවට
Deleteවෘතාන්ත, ඔබේ කියමන අවිවාදයෙන් පිලිගනිමි, ඒක coincident එකක් ද?
Deleteකෝපි මල්, සුදු ගවුම්, සුවඳ කැව් සෙනෙහෙ පත් මැදින් අතීතෙට තබන පෙම් පිය සටහන්. හරිම අහිංසකයි. ලස්සනයි.
ReplyDeleteහ්ම්ම් ඔව් ඇත්තටම අහිංසකයි තමා ❤️
Deleteදන්නවාද සඳ.. ඔයාගෙ ඒ කතාවලට මමත් ආස කලා. ලස්සනයි අදත්..
ReplyDeleteස්තූතියි හැමදාමත් වගේම ❤️
Deleteහරිම ලස්සනයි සඳූ.
ReplyDeleteජයවේවා
ස්තූතියි දුමී
Deleteහරිම රසවත් ලියැවිල්ලක්
ReplyDelete- Mayya
ස්තූතියි මයියා
Deleteලස්සනයි! හැමදම වාගේම සොඳුරු ලිවීමක්!
ReplyDeleteස්තූතියි තට්ටතුමෝ
Deleteඅත් අකුරුවලටත් පෙම් බඳිනවා නේ
ReplyDeleteපෙම්බඳින්න හිතෙන තරම් අකුරුත් තියෙනවා නේ
Deleteආලවෙලා, මුලා වෙලා... දැන් ඉතිං ඉඳපන්කො විස්සෝප වෙලා 💔
ReplyDeleteඒකනේ..සම්සාරේ...ඩුක තමා
Deleteඇත්තෙන්ම ඔබේ මේ පෝස්ටුව හා මේ සතියේ ගල්මල එකම නිමිත්ත නෙහ්. සටහනක් තියෙන්න පමා වුනා. මේ දවස් වල කොමන්ට් කිරිමේ අපලයකට මුහුණදෙමින්, කීපවතාවක්ම උත්සාහ ගෙන ලියන්න වෙන්නේ.
ReplyDeleteඔව් ඔබේ ඒ පුංචි කවිය හරිම අපූරුයි.හිතටම දැනුනා.
Delete